රුසියානු සෙබළුන්ට ස්මාර්ට් දුරකතන තහනම් | දිනමිණ

රුසියානු සෙබළුන්ට ස්මාර්ට් දුරකතන තහනම්

රුසියානු හමුදා සොල්දාදුවන් රාජකාරි වේලාව තුළ ස්මාර්ට් දුරකතන භාවිතය තහනම් කිරීමේ යෝජනාවට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දය හිමි වී තිබේ.
 
ඔවුන් ගේ සමාජ මාධ්‍ය භාවිතය ජාතික ආරක්ෂාව පිලිබඳ ගැටළු ඉහළ යාමට හේතු වීමෙන් පසු මෙම පියවර ගෙන ඇත. මෙම පනත මගින් හමුදා සාමාජිකයින්ය දුරකතන භාවිතා කර ඡායාරූප, වීඩියෝ ගත කිරීම හා අන්තර්ජාලයට ඇතුළු වීම තහනම් කෙරේ. 
 
එසේම සොල්දාදුවන්ට හමුදාව පිළිබඳ ලිවිය නොහැකි අතර මාධ්‍යවේදීන් සමග කතා කිරීමට ද නොහැකිය. 
 
කෙසේ වුවත් සාමාන්‍යයෙන් දුරකතනයකින් සිදු කරන ඇමතුම් ලබා ගැනීම හා පණිවුඩ යැවීමේ පහසුකම් තව දුරටත් ඔවුන්ට හිමි වේ. එහෙත් ටැබ් සහ ලැප්ටොප් පරිගණක භාවිතය ද තහනමට අයත්ය. 
 

නව අදහස දක්වන්න