උතුරේ තරුණයන්ට ව්‍යවසායකත්ව දොරටු | දිනමිණ

උතුරේ තරුණයන්ට ව්‍යවසායකත්ව දොරටු

රජය විසින් පුද්ගලික අංශය සමඟ එක්ව උතුරු පළාතේ තරුණ තරුණියන් සඳහා තාක්ෂණ අංශයෙහි ව්‍යවසායන් සංවර්ධනය කිරීම වේගවත් කිරීමට මුල් අවස්ථාවේ පවතින ව්‍යාපාර සඳහා ව්‍යාපාර මධ්‍යස්ථානයක් (ඉන්කියුබේටර්) ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලියක නිරතව සිටී

ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය විසින් 2019 පෙබරවාරි මස 21 වන දින මේ සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර යාපනයේ තොරතුරු තාක්ෂණ සහ වෙනත් ක්ෂේත්‍ර සඳහා පහසුකම් වේගවත් කිරීම් වෙනුවෙන් ව්‍යාපාරික මධ්‍යස්ථානය සඳහා යටිතල පහසුකම් සැපයීමට ඉන්දියානු රජය මුල්‍ය ආධාර ලබා දී ඇත.

තරුණ ව්‍යවසායකයන්ගේ අදහස් සංවර්ධනය කිරීම හා ව්‍යාපාර සඳහා උනන්දුවක් දක්වන්නට අවශ්‍ය වන පරිදි පවතින ව්‍යවසායකයින්ගේ අවශ්‍යතාවයන් අනුව පැහැදිලි ව්‍යවසායක පරිසර පද්ධතියක් ගොඩ නැගීම ශ්‍රී ලංකාව ට අවශ්‍ය වේ. එබැවි රට තුළ ව්‍යවසායකත්ව පරිසර පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහාත්, වැඩි දියුණු කළ සහ වර්ධනයට භාජනය වූ පරිසරය මත ව්‍යවසායකයින්ගේ උන්නතිය සඳහා දායකත්වය ලබා දීමටත් රජය කටයුතු කරමින් සිටියි.

ව්‍යවසායකත්වය, රැකියා සහ යටිතල පහසුකම් සංවර්ධනයන් තුළ ව්‍යාපාර ආරම්භක ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවක් පවතී. මෙහිදී ආරම්භක සමාගම්වලට නවීනතම පහසුකම් සහිතව ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කළ හැකිය.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ පිහිටුවන ලද යෝජිත ව්‍යපාර මධ්‍යස්ථානය මඟින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන ආයතන සහ ධාරිතාවයන්, කණ්ඩායම් සහ ආයතන සඳහා ආරම්භ කිරීමට උනන්දු කරවන ධාරිතාවයන් ලබා දෙයි. ආරම්භක මට්ටමේ දී දැනුම හා කුසලතා පුළුල් කිරීම, වැඩි දියුණු කිරීම ජාත්‍යන්තර වෙළෙඳපොළ අවශ්‍යතා සපුරාලීම, අනාගතයේදී උතුරු කලාපය තුළ ඔවුන්ගේ ව්‍යාපාර ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම සඳහා ව්‍යාපාරික අවකාශයද ලබා දෙනු ඇත.

 

නව අදහස දක්වන්න