කැලණි කේබල්ස් 50 වැනි සංවත්සරය | දිනමිණ

කැලණි කේබල්ස් 50 වැනි සංවත්සරය

ශ්‍රී ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැහැන් වෙළෙඳ නාමය වන කැලණි කේබල්ස් PLC සමාගම තම 50 වැනි සංවත්සරය අභිමානවත් ලෙස පසුගිය දා සමරනු ලැබීය. සංවත්සරය සැමරීම් වැඩසටහන් රැසක් පැවැත්වූ කැලණි කේබල්ස් සමාගමේ ප්‍රමුඛතම සංවත්සර උත්සවය කැලණි කේබල්ස් සමාගමේ සභාපති, උපාලි මදනායක හා එම මහත්මිය, කැලණි කේබල්ස් සමාගමේ උප සභාපති, සුරේන් මදනායක මහතා හා එම මහත්මිය, කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය, කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා හා එම මහත්මිය, කැලණි කේබල්ස් සමාගමේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ, හේමන්ත පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් කැලණියේ පිහිටි කැලණි කේබල්ස් සමාගම් පරිශ්‍රයේ දී පැවැත්වුණි.

කැලණි කේබල්ස් සමාගමේ 50 වැනි සංවත්සරය සැමරීමට එක් වූ එම සමාගමේ සභාපති, උපාලි මදනායක මහතා විසින් නාගසක් සමාගම් භූමියෙහි රෝපණය කිරීම හා සැමරුම් ඵලකයක් නිරාවරණය කිරීම විශේෂත්වයකි. එමෙන්ම මේ සංවත්සර සැමරුම් උළෙලේ දී කැලණි කේබල්ස් සමාගමේ පළමු සේවකයා හා එහි සේවය කර විශ්‍රාම ගිය ජීවතුන් අතර සිටින සියලු සේවකයන්ට ඇරයුම් කර ඔවුන් සමාගමේ සාර්ථකත්වයට ලබාදුන් දායකත්වය ඇගයීමට ලක්කිරීම තවත් සුවිශේෂත්වයකි. එයට අමතරව වසර 20කට වැඩි සේවා කාලයක් හිමි දැනට සමාගමේ සේවය කරන සියලු සේවකයන් ඇගයීමද මෙහි දී සිදුවිණ. එම සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සහභාගී වූ මේ උත්සවය ජනප්‍රිය සංගීත කණ්ඩායමක සංගීතයට ජනප්‍රිය ගායන ශිල්පීන් රැසක් ගී ගැයූ සැමට විනෝදය සපයන්නක්ද විය. තව ද කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා විසින් තම ව්‍යාපාර තුළින් මෙරට ආර්ථිකයට කරන ලද සේවය වෙනුවෙන් එම සමාගමේ සභාපති, උපාලි මදනායක මහතා වෙත ඇගයීමේ සන්නසක් පිරිනැමීම ද මෙහි දී සිදුවිය.

කැලණි කේබල්ස් සමාගමේ 50 වැනි සංවත්සර උත්සවය අමතමින් එම සමාගමේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා පැවැසුවේ, ‘පනස් වසරක් පුරා අතු විහිදමින් වැඩුණු මහා රුක්ෂයක සාර්ථකත්වයේ අභිමානයයි අප මේ සමරන්නේ. මේ අවස්ථාවට අප සමඟ මනා අනාගත දැක්මක් සහිත නායකයකු වන කැලණි කේබල්ස් සමාගමේ සභාපති උපාලි මදනායක මහතාත් එක්වීම අප සැමට කදිම ශක්තියක්’ යන්නය.

 

නව අදහස දක්වන්න