කෝටි 07කට අධික හෙරොයින් අල්ලයි | දිනමිණ

කෝටි 07කට අධික හෙරොයින් අල්ලයි

රුපියල් කෝටි හතකට අධික වෙළද පොළ වටිනාකමක් ඇති බව කියන හෙරොයින් සහ හෂීස් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 8.679 සමග මීගමුව පෝරුතොට ප්‍රදේශයේදී සැකකරුවෙකු අද (22) අළුයම අත්අඩංගුවට ගෙන ඇත.   
 
මත්ද්‍රව්‍ය තොගය මෝටර් ර‍ථයකින් ප්‍රවාහනය කරමින් සිටිය‍දී මිගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
 
අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි අයෙකු වන අතර ඔහු මත්ද්‍රව්‍ය බෙදාහරින්නෙකු ලෙස කටයුතු කර ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි පොලීසිය පැවසීය.
 
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතින බව මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

නව අදහස දක්වන්න