මෛත්‍රී – මහින්ද හමුවක් අද පස්වරුවේ | දිනමිණ

මෛත්‍රී – මහින්ද හමුවක් අද පස්වරුවේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර හමුවක් අද පස්වරුවේ පැවැත්වේ.

සන්ධානය නියෝජනය කරන සියලු ම පක්ෂ නායකයින්ට ද ඒ සඳහා ඇරයුම් කර ඇති අතර එහිදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත ය.

ඊට අමතරව ගොඩ නැගීමට නියමිත පුළුල් සන්ධානය සහ එළැඹෙන මැයි දින සැමරුම පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිත බව ද සදහන්.

කෙසේ වෙතත් හමුව පැවැත්වෙන ස්ථානයක් පිළිබඳව මෙතෙක් දැනුම් දී නැත.


නව අදහස දක්වන්න