හෙරොයින් සමඟ ඇල්ලු 05දෙනා තවදුරටත් රිමාන්ඩ් | දිනමිණ

හෙරොයින් සමඟ ඇල්ලු 05දෙනා තවදුරටත් රිමාන්ඩ්

රුපියල් කෝටි සීයකට අධික වටිනාකමින් යුතු හෙරොයින් මත්කුඩු තොගයක් සමඟ කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විදේශීය ජාතිකයන් තිදෙනා ඇතුලු පස් දෙනා තවදුරටත් ලබන මාර්තු මස 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (22) නියෝග කළේය
 
බන්ධනාගාරය විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කළේය.
 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ උඩුගහපත්තුවගේ දොන් ඉන්ද්‍රජිත්  පත්මකුමාර, හලෝලුව කංකානම්ගේ චමික දිමුතු අමරසිංහ යන ශ්‍රී ලාංකිකයන් දෙදෙනා සහ චම්ස් ඉෂාන් කවුඩා,(ඇමරිකානු ජාතික) ෆර්හාඩ් ෂකීර්, (ඇෆ්ගනිස්ථාන් ජාතික)ෂවුන් ඇන්තනී මාර්ෂල් යන ඇමරිකානුු, ජාතිකයන් වෙති.
 
ඉකුත් ජනවාරි මස 22 දා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රදවා ප්‍රශ්න කිරීමට ලක් කළ සැකකරුවන් පස් දෙනා සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය වාර්තා කිරීමට මත්දාව්‍ය නාශක කාර්යාංශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වාහනය සම්බන්ධයෙන් විමර්හණ අවසන් බවත් එම වාහනය අධිකරණයවට ඉදිරිපත් කරන බවත් කියා සිටියේය.
 
මේ සිද්ධයට අදාළව පළමුවන ,සිව් වන සහ පසද්වන සැකකරුවන් වෙනුවෙන් දින දෙකක් තුළ අධිකරණයට ලිඛිත දේශන ගොනු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා විත්තිය වෙුනවෙන් සිදු කළ ඉල්ලීම සලකා බැලිමෙන් අනතුරුව නියෝග කළේය.‍
 
එම සැකකරුවන්ගේ නිර්දෝෂිභාවය තහවරු කිරිම සඳහා සිද්ධිය සිදු වූ ස්ථාන වල සී සී ටී වී කැමරා දර්ශන ලබා ගෙන විමර්හණ සිදු කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස විත්තියේ නිතිඡවරුන් ඉල්ලා සිටි අතර ඒ සම්බන්ධ නියෝගය බදිරි දින ලබා දෙන බව මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.
 
 ඩයිසැටමෝල් මෝෆීන් නොහොත් හෙරොයින් කිලෝ 95 ග්රූම් 88 ක් අත්අඩංගුවට ගනු ලැබූ බවත් පුද්ගලික ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කළ බවත්  පොලිස් විශේෂ කාර්ය බලකාය ට ලැබුණු තොරතුරක් මත කොල්ලුපිටියේ ලිබර්ටි ප්ලාසා ගොඩනැගිල්ල විදුලි සෝපානය අසලදී මොවුන් අත්අඩංගුවට ගත් බවත් කරුණු ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීම සිදු කරමින් පවතින බවත් නිවස සහ වාහනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අධිකරණයට දන්වා සිටියේය.
 
සැකකරු රුවන් වෙනුවෙන් ජනාධිපති නිතිඥ අනුර මැද්දගොඩ.නලින්ද ඉන්ද්‍රතිස්සය මහත්වරුන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥ මඩුල්ලක් අධිකරණයට  කරුණු දැක්වූහ.
 

නව අදහස දක්වන්න