දේශීය කුළු බඩුවලට මුද්දර ගසයි | දිනමිණ

දේශීය කුළු බඩුවලට මුද්දර ගසයි

ශ්‍රී ලංකාවේ ප්‍රධාන කුළු බඩු වර්ග හතරක සිතුවම් නිරූපිත මුද්දර සහ සිහිවටන ප්‍රතිකාවක් එළැඹෙන පෙබරවාරි 26වැනිදා එළි දැක්වීමට නියමිතය.
 
ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ හා තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්. එස්. අබ්දුල් හලීම් යන අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය, 16 වන මහලේ පිහිටි ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී එය එළිදැක්වීම සිදු කරනු ඇත.
 
කුරුඳු, ගම්මිරිස්, කරාබු නැටි සහ සාදික්කා යන කුළු බඩු වල සිතුවම් ඇතුළත් රුපියල් 15 බැගින් වූ මුද්දර හතරක් මෙහිදී නිකුත් කෙරේ.
 
 

නව අදහස දක්වන්න