නාවික සෙබළෙක් අත්අඩංගුවට | දිනමිණ

නාවික සෙබළෙක් අත්අඩංගුවට

2008 හා 2009 වසරවල දී පුද්ගලයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමට අදාළව තවත් නාවික සෙබළෙක් අත්අඩංගුවට ගෙන ඇත.
 
පැහැර ගත් පුද්ගලයින් 11 දෙනෙකු අතරින් පුද්ගලයින් තිදෙනෙකුට අයුතු ලෙස රඳවා තබා ගෙන කෘර වදහිංසාවට ලක්කර ඝාතනය කිරීමේ  වරද මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ(21) දින මෙම නාවික හමුදා සෙබළා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය.
 
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 41 ක් වු රත්ගම ලිපිනයේ පදිංචි නාවික හමුදා සෙබළෙකි.
 
සැකකරු අද(22) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.

නව අදහස දක්වන්න