දුම්රිය වර්ජනය අවසන් (UPDATE) | දිනමිණ

දුම්රිය වර්ජනය අවසන් (UPDATE)

බලධාරීන් සමග පැවති සාකච්ඡාවකින් සාර්ථකවීම හේතුවෙන් ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් ආරම්භ කළ වර්ජනය නතර කර ඇත. 
 
සේවා මුර ගැටළුවක් මුල් කර ගනිමින් ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් ඊයේ(21) මධ්‍යම රාති‍්‍රයේ සිට වර්ජනයක නිරත විය. 
 
ඒ සම්බන්ධයෙන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා සමග අද(22) පෙරවරුවේ දුම්රිය මූලස්ථානයේ සාකච්ඡාවක්ද පැවැත්වුණි. ගැටළුවට විසදුම් ලබාදීම හේතුවෙන් වර්ජනය අත්හැර දැමීමට ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් එකගවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පැවසීය.
 
ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් වර්ජනයක - UPDATE
 
ඩීසල් විදුලි එන්ජින් දුම්රිය රියදුරන් ඊයේ(21) මධ්‍යම රාති‍්‍රයේ සිට වර්ජනයක් ආරම්භ කර තිබේ. 
 
සිය සේවා මුරයන් පිළිබද ගැටළුවක් මුල් කර ගනිමින් එම වර්ජනය ආරම්භ කර ඇති බව අදාළ රියදුරන් සදහන් කරනු ලැබේ.
 
මේ හේතුවෙන් ගල්කිස්ස, කන්කසන්තුරේ සහ මරදාන - මාතර අතර දුම්රිය ගමන්වල ප‍්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කළේය.
 
මෙම වර්ජනයට ඩීසල් විදුලි ඒන්ජින් දුම්රිය රියදුරන් හැට දෙනාම එක්ව සිටි. 
 
කෙසේ නමුත් වර්ජනයේ නිරත දුම්රිය රියදුරන් සහ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් පෙරවරු 8.30 ට ආරම්භවීමට නියමිතය.

නව අදහස දක්වන්න