තරුණයාගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයේ | දිනමිණ

තරුණයාගේ මළ සිරුර මාවුස්සාකැලේ ජලාශයේ

මස්කෙළිය නගරයේ අතුරුදන්ව සිටි තරුණයාගේ මළ සිරුර නාවික හමුදාවේ කිමිඳුම්කරුවන් මාවුස්සාකැලේ ජලාශයේ තිබී සොයා ගනු ලැබීය.

මෙසේ අතුරුදන්ව ඇත්තේ, මස්කෙළිය නගරයේ පදිංචිව සිටි පැතුම් මධුසංක ලියනගේ නැමති තිස් හැවිරිදි අවිවාහක තරුණයෙකි.

මෙම තරුණයා ඔහු පදිංචි මස්කෙළිය නගරයේ නිවසේ රාත්‍රී සිටියදී ඔහුගේ ජංගම දුරකථනයට ලැබුණ දුරකතන ඇමතුමකට නිවසින් පිටව ගිය බවත්, නැවත නිවසට නොපැමිණි බවත් පවසමින් ඔහුගේ දෙමව්පියන් විසින් මස්කෙළිය පොලීසියට පැමිණිළි කර ඇත.

අනතුරුව මස්කෙළිය පොලීසිය මගින් ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමකින් අතුරුදන්ව සිටි තරුණයා පැළඳ සිටියේ යැයි කියන පාවහන් යුගලෙන් එක් පාවහනක් මාවුස්සාකැලේ ජලාශ ඉවුරේ තිබී ඔහුගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

නව අදහස දක්වන්න