වැරදි වාහනයට නැග්ග සුදු කතට මහමඟදී අතවර | දිනමිණ

වැරදි වාහනයට නැග්ග සුදු කතට මහමඟදී අතවර

පසුගියදා හික්කඩුව ප්‍රදේශයේදී විදේශීය තරුණියක් පැහැරගෙන දූෂණය කර අතරමග දමා පලාගිය වෑන් රථයක් සම්බන්ධයෙන් හික්කඩුව පොලීසිය පුලුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

තිස් එක් හැවිරිදි හංගේරියානු ජාතික කාන්තාවක් වන සර්වෙන්කා රෙනාටා නැමති කාන්තාව මෙම අතවරයට ලක් වී ඇත.

මෙම කාන්තාව ශ්‍රීලංකාවේ සංචාරයකට පැමිණ සිටි අතර තම ශ්‍රීලාංකික පෙම්වතා ඩෙන්මාර්ක් රටේ සිට පැමිණීමට නියමිතව තිබිණි.

ඔහු පැමිණීමට නියමිතව තිබුණේ පසුගිය සඳුදාය. ඔහු විසින් ඇයට ගුවන්තොටුපළට පැමිණීමට වෑන් රථයක් ද කතාකරගෙන තිබිණි.අදාළ වෑන් රථය පැමිණෙන තෙක් මෙම තරුණිය රාත්‍රී 2.00 ට පමණ මහා මාර්ගයේ සිට ඇත. එවිට පැමිණි වෑන් රථයක්, තමා බලාපොරොත්තුවෙන් සිටින රථය යැයි සිතා එයට ගොඩවී තිබේ.

එහිදී ගාල්ල දෙසට ධාවනය වූ වෑන් රථය අතරමග නවතා තරුණිය දූෂණය කර ඇත. පසුව දොඩන්දූව පාලම අසලදී තරුණිය මහමග දමාගොස් ඇත. මේ අවස්ථාවේදී වෑන් රථයේ සිට ඇත්තේ රියදුරු පමණක් බව තරුණිය පොලීසියට පවසා ඇත.

හික්කඩුව සමූහ බුද්ධික වීරසිංහ


නව අදහස දක්වන්න