මුතුරාජවෙල මුතුරාජිනීයටත් වැඩේ හරි | දිනමිණ

මුතුරාජවෙල මුතුරාජිනීයටත් වැඩේ හරි

මුතුරාජවෙල අභය භූමියට අයත් පෞද්ගලික ඉඩමක වගුරු බිමක් අනවසරයෙන් ගොඩ කරමින් සංවර්ධනය කිරීමේ යෙදුනු ඉඩම් අයිතිකරුවකුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බව මුතුරාජවෙල වන ජීවි අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.

මුතුරාජවෙල අභය භූමියට අයත් බෝපිටිය නිල්තිරිගම මුතුරාජනී මාවතේ ඉඩමක් අවසර නොලබා සංවර්ධනය කරන බවට ලද පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂනයේදී මේ බව අනාවරණය වී ඇත.

ජාඇළ උතුරු බටගම ප‍්‍රදේශයේ පදිංචිකරුවකුට අයත් මෙම ඉඩමේ කොටසක පාරක් තැනීම සඳහා ඉවත ලන රෙදි කැබලි, ප්ලාස්ටික්, රබර් කොටස්, පොලිතින් වැනි අපද්‍රව්‍ය දමා ගොඩ කරමින් තිබූ බව පරීක්ෂණයේදී හෙලිවූ බව මුතුරාජවෙල වන ජීවි අඩවි ආරක්ෂක කාර්යාලය කියයි. එම ගොඩකිරීමි වල යෙදුනු ඉඩම් හිමියා වනජීවී වෘක්ෂලතා හා ආරක්ෂණ ආඥා පනතේ 7 වැනි වගන්තිය උල්ලංඝනය කිරීීම හේතුවෙන් වත්තල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීීමට කටයුතු කර තිබේ.

මුතුරාජවෙල වන ජීවි අඩවි ආරක්ෂක කාර්යාලයේ අඩවි ආරක්ෂක ලසන්ත ගුණවර්ධන, සමන් කුමාර , අඩවි සහකාර ආරක්ෂක නිළධාරීන් වන බුද්ධික අතුකෝරල , ඒ. එම් සමින්ද යන නිලධාරීහු මෙම වැටලීමට එක්ව සිටියහ.

කොටදෙනියාව සමූහ - එම්.පී. කුමාර

නව අදහස දක්වන්න