හෝමගම දුම්රිය පොළට ආ මුහුණු පොතේ මිතුරෝ ... | දිනමිණ

හෝමගම දුම්රිය පොළට ආ මුහුණු පොතේ මිතුරෝ ...

එදිනෙදා දුම්රියේ ගමන් කරන මගීන් 66,500 කට අධික සාමාජික පිරිසකගෙන් සමන්විත (www.rdmns.lk) දුම්රිය මගීන්ගේ නිල Facebook සමුහය විසින් දුම්රිය සේවය හා මගී ජනතාව අතර සබැඳියාවන් වැඩිවර්ධනය කිරීම හා දුම්රිය ස්ථාන ආශ්‍රිත පරිසරයන් හරිතවත් අලංකාර පරිශ්‍රයන් බවට පත්කිරමේ අරමුණින් සංවිධානය කරනු ලබන " Green Island" වැඩසටහනේ පස්වන් අධියරය පසුගිය පෙබරවාරි 19 දින අගහරුවාදා දින කැළණිවැළි දුම්රිය මාර්ගයේ හෝමාගම දුම්රිය ස්ථානයේදී පැවැත්විණ. ඒ සදහා එම සංවිධානයේ ( RDMNS) සාමාජිකයන් 120 කට ආසන්න පිරිසකගේත් සහ හෝමාගම ප්‍රධාන දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණ.

මෙම වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා ද සහභාගී වීමද විශේෂත්වයක් විණ.

මෙම වැඩසටහනේ සමස්ත වටිනාකම රු. ලක්ෂ 4කට ආසන්න වන අතර ඒ සඳහා දායකත්වය Thuru පරිසර සංවිධානය , Wide Vision ආයතනය, Uniliver යන ආයතන සහ RDMNS කැලණිවැලි මාර්ගයේ මගී එකමුතුව ඇතුළු අනෙකුත් සියලු දුම්රිය මාර්ගයන් වල මගී එකමුතු විසින් ලබාදෙන ලද අතර මුද්‍රණ කටයුතු සහාය Neo Graphics ආයතනය විසින් ලබා දෙන ලදි.

අවිස්සාවේල්ල විශේෂ එන්. පත්මපෙරුම

නව අදහස දක්වන්න