අඹුසැමියෝ මාරාන්තික උපවාසයක | දිනමිණ

අඹුසැමියෝ මාරාන්තික උපවාසයක

අනුරාධපුර මධ්‍යම විශේෂ

සිය නිවසේ ඇති කළ පාත්තයන් අට දෙනෙකු සුනඛයෙකු විසින් මරාදැමීම සම්බන්ධයෙන් අසල්වැසි කාන්තාවකට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිල්ලට සාධාරණයක් නොකරමින් ඇය විසින් තමන් ඇතුළු පවුලේ උදවිය එම සිද්ධිය මුල්කර ගනිමින් මරණ තර්ජනය කළ බවට වසර දෙකකට පෙර පොලිසියට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි නඩු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයා විසින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඉංග්‍රීසි විද්‍යා පීඨයක් පවත්වාගෙන යන ගුරුවරයෙකු හා ඇගේ බිරිය අනුරාධපුර මූලස්ථාන පොලිසිය ඉදිරිපිට මාර ගහක් මත නැග මාරන්තික උපවාසයක් ආරම්භ කළහ.

විජය ෆාම් හවුස් සින්නික්කුළම ශ්‍රාවස්තිපුර අනුරාධපුර ලිපිනයේ පදිංචි ඩබ්ලිව්.ජී.විජේරත්න මහතා ඔහුගේ බිරිය වන පී.ජී.සුදර්මා ශාන්ති ලතා මහත්මිය මාර ගසට නැගී සිදුකරන අසාධාරණකම්වලට නිසි පිළිතුරක් ලබාදෙන තෙක් මරාන්තික උපවාසය අවසන් නොකරන බව පැවසුහ. ඔවුන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය හා මහදිසාපති කාර්යාලය ඉදිරිපිට පිහිටි විශාල මාර ගහමත නැගී විරෝධතාවයේ නිරත වූහ. මහ දිසාපති කාර්යාලයේ යකඩ වැට ආසන්නයේ ඇති පොලිස් කොමිෂන් කාර්යාලය යන නාමපුවරුව ඉදිරිපිට ඔවුන් විරෝධතා පුවරු කිහිපයක් ප්‍රදර්ශනය කර තිබුණි.

අපිට ඕන වේලාවට තමයි උඹලට නඩු දාන්නේ.තව ඉන්නවා හතර දෙනෙක් ඒවා වෙලාවට දාන්නම් කියමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක වාස් ගුණවර් ධන යන අය තමන්ට බැනවැදුණු බවත් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ දූෂිත නිලධාරින් පිරිසක් තමන් ඇතුළු පවුල මහ මගට ඇද දැමීමට දිගින් දිගටම කටයුතු කරනා බවත් කියමින් ඔවුන් දෙපළ මාර ගහේ නැගී මාරාන්තික උපවාසයේ නිරත වූහ.

අනුරාධපුර මූලස්ථාන පොලිසියෙන් සිදුකල විමසීමකදී උසස් නිලධාරියෙකු කියා සිටියේ විරෝධතාකරුට එරෙහිව පොලිසිය අධිකරණයේ පවරා ඇති නඩු කිහිපයකට අධිකරණය මගින් දඩුවම් නියම කිරීම නිසා ඊට විරෝධය පලකර උපවාසය ආරම්භ කර තිබෙන බවයි.

නව අදහස දක්වන්න