බූරු ගහපු ගෑනු තුනම හිරේ | දිනමිණ

බූරු ගහපු ගෑනු තුනම හිරේ

රැකියාවට බූරු ගැසු කාන්තාවන් තිදෙනෙතු කැටන්දොල ප්‍රදේශයේ දී ඇල්පිටිය කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් අත්තඩංගුවට ගෙන පිටිගල පොලිසියට භාර දී මෙන් පසු ඇල්පිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇල්පිටිය මහෙස්ත්‍රාත් ගයාන් මීගහගේ මහතා ඔවුනට බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම කළේය.

මොවුන් දිගින් දිගටම නීති වීරෝධී ව මුදලට ඔට්ටු තැබීමේ ක්‍රිඩාවේ නිරත වීම නිසා අධිකරණයෙන් කිහිප වරක්ම දඩුවම් විඳි කාන්තාවන් බව පොලිසිය පවසයි.

මෙහි දී කැටන්දොල ප්‍රදේශයේ පදිංචි කේ. ඩබ්ලිව්. ශ්‍රීයානි සහ ඒ. ඩී. ප්‍රියන්ති වික්‍රමසිංහ යන දෙදෙනාට බරපතළ වැඩ සහිත මාසයක සිර දඩුවම් හා රුපියල් සීයක දඩ මුදලක් නියම කර ඇත. දඩ මුදල නොගෙවන්නේ නම් මාසයක ලිහිල් සිර දඩුවම් නියම කෙරිණ. අනෙක් කාන්තාව වන පී. ඩී. ප්‍රියන්ති නැමැත්තියට බරපතල වැඩ සහිත මාස තුනක සිරදඬුවම් හා රුපියල් සීයක දඩ මුදලක් නිම කළ මහෙස්ත්‍රාත් වරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් මාසයක ලිහිල් සිර දඩුවම් නියම කෙරිණ.

ඇල්පිටිය විශේෂ
ඩී ජේ විජේසිංහ


නව අදහස දක්වන්න