උහපිටගොඩ රෝහලින් දින පහේම රෝගී ප්‍රතිකාර | දිනමිණ

උහපිටගොඩ රෝහලින් දින පහේම රෝගී ප්‍රතිකාර

ලුණම සමූහ සනත් ගමගේ

අම්බලන්තොට උහපිටගොඩ සමාධි ගම්මානයේ පිහිටි රෝහලින් සතියේ දින පහේම රෝගීන්ට ප්‍රතිකාර ලබා ගැනීමට හැකි බව හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රංග චන්ද්‍රසේන මහතා කියයි.

මෙතෙක් සතියේ දින දෙකක් පමණක් වෛද්‍ය වරයෙක් පැමිණ රෝගීන් පරීක්ෂා කිරීම සිදු කර බෙහෙත් ලබා දීම කළ අතර, 6දා සිට ස්ථීරවම සමාධිගම රෝහලට වෛද්‍ය වරයෙක් හා ඖෂධ සංයෝජකවරයෙක් පත් කර සතියේ වැඩ කරන දින පහේම රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හැකි වන සේ වැඩ ආරම්භ කළ බව දිත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

සුනාමි ව්‍යෙසනය සමඟත් පරිත්‍යාගයක් ලෙස ලැබුණු සමාධිගම රෝහල සුනාමි ගම්මානය ඇතුළු අවට ගම්මාන රැසකගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට හැකි වන හෙයින් මෙතෙක් අම්බලන්තොට හා හම්බන්තොට බාහිර රෝගී අංශ කරා ගිය රෝගීන්ට පහසුවෙන් මෙම රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවන බවද කීය.

සමාධිගම රෝහල වෙනත් රෝහල්වලට වඩා වෙනස් ක්‍රමයක් යටතේ පහසුකම් ලබා දෙන රෝහලක්වේ. ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර, පවුල් සෞඛ්‍ය සේවා කටයුතු, දන්ත වෛද්‍ය සේවා, කටයුතු ද මෙම ස්ථානයෙන් ජනතාවට ලබා ගත හැකි පහසුකම් වේ.

රෝගි ප්‍රතිකාර සේවාව යාවත්කාලින කිරීමේ අවස්ථාවට දකුණු පළාත් සභාවේ මන්ත්‍රී ඩී.වී උපුල්, හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රංග චන්ද්‍රෙස්න, ස්ථානභාර වෛද්‍ය නිලධාරී එස්.එච්.ටී ප්‍රමුදිත, දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සැලසුම් නිලධාරිනී වෛද්‍ය ශිරන්ති රාජපක්ෂ, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.


නව අදහස දක්වන්න