නිලවරණය මාෆියාවක් | දිනමිණ

නිලවරණය මාෆියාවක්

මුදල ඉදිරියට දමා ක්‍රිකට් ඡන්ද ජය ගන්නා දැනට පවතින නිලවරණ ක්‍රමය මාෆියාවකට සමාන බව ක්‍රිකට් උප සභාපති තනතුරට තරග කළ ඇමැති අර්ජුන රණතුංග මහතා පවසයි. තමන් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් පාර්ලිමේන්තුවට යෑමට සමත් වුවද, දැනට පවතින ක්‍රිකට් ඡන්ද ක්‍රමය යටතේ ක්‍රිකට් පරිපාලනයට එක්වීමේ හැකියාවක් නොමැති බව රණතුංග මහතා පෙන්වා දුන්නේය.

“මා ක්‍රිකට් නිලවරණයට තුන් වතාවක් ඡන්දය ඉල්ලුවා. ඒ හැම වතාවෙම පරාජය වුණා. මේ ඡන්දයේදී සල්ලි විසි වෙනවා. අපට එහෙම වියදම් කරලා ඡන්ද දිනන්න ඕනේ නෑ. මේ යන ක්‍රමයට තව ටික දුරක් යා හැකියි. මාස කිහිපයකින් ක්‍රිකට් විනාශ වේවි. තරග පාවාදීම් කළ අය, අපේ සල්ලි පිටරට යවපු අය ක්‍රිකට්වලට යමක් කරයි කියා හිතන්න බෑ. වහාම ක්‍රීඩා නීතිය වෙනස් කළ යුතුයි. නැත්නම් විශාල විනාශයක් ක්‍රිකට්වලට සිදු වෙනවා. අප ක්‍රිකට් ගොඩ ගන්න උත්සහා කළා. අපේ යුතුකම කළා. දැන් කාටවත් අපට දොස් කියන්න බෑ” අර්ජුන රණතුංග මහතා මාධ්‍යවේදීන්ට පැවැසීය. කෙසේ වුවද නව ක්‍රිකට් ලේකම් මොහාන් ද සිල්වා මහතා ඇතුළු පිරිස රණතුංග මහතාගේ අදහස් ප්‍රතික්ෂේප කරමින් පැවැසූවේ ක්‍රීඩා සමාජවලට මුදල් ලබා දෙනවා යැයි නැගෙන චෝදනාව අසත්‍ය බවයි. “අපට කාටවත් දෙන්න සල්ලි නෑ. අපේ වැඩ ගැන විශ්වාස නිසා සාමාජිකයෝ ඡන්ද දෙනවා. දැන් බොරු චෝදනා වැඩක් නෑ” මොහාන් ද සිල්වා මහතා පැවැසීය.

නව අදහස දක්වන්න