ක්‍රිකට් ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත්වූවා | දිනමිණ

ක්‍රිකට් ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත්වූවා

ප්‍රින්ස් ගුණසේකර

ක්‍රිකට් නිලවරණය නිවැරදි ලෙස හා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පැවැත්වීමට කටයුතු කළ බව ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. බොහෝ දෙනකුගේ අවධානය තිබූ ක්‍රිකට් නිලවරණයේදී සියලු පාර්ශ්වවලට සාධාරණයක් ඉටුවන පරිදි කටයුතු කිරීම අරමුණ වූයේ යැයි ක්‍රිකට් නිලවරණයෙන් පසු ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා සඳහන් කළේය.

“ක්‍රිකට් නිලවරණය හරි විදිහට කළා. පත්වූ නිලධාරීන්ට මා සුබ පතනවා. හොඳ සැලැස්මක් අනුව ලෝක කුසලානය දිනා ගැනීමට ක්‍රීඩකයන්ට අවශ්‍ය ශක්තිය ලබාදීම නව නිලධාරීන්ගේ වගකීමයි. ක්‍රිකට් අතුරු කමිටුවක් නැතිව නිලවරණය අවසන් කිරීම හොඳයි කියා අප කල්පනා කළා. ශ්‍රී ලංකා ක්‍රිකට් අයි. සී. සිය සමග සෘජුව ගනුදෙනු කරන ආයතනයක්. ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් දැම්මොත්, අයි. සී. සි විධායක කමිටු තීරණ අනුව යම් අවාසියක් වන්න පුලුවන්. කොහොම වුනත් ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථව වෙනස් කිරීමට අප කල්පනා කරනවා. මුරලි, මහේල, සංගක්කාර ඇතුළු ප්‍රවීණයන් පිරිසක් යෝජනා ලබාදී තිබෙනවා. ඒ ක්‍රමට අනුව පළාත් 6කදී ක්‍රිකට් සංවර්ධනය වෙනවා. ඒ නව ක්‍රමය කැබිනට් මණ්ඩලයට යොමු කොට පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා” ඇමැතිවරයා පැවැසීය.

නව අදහස දක්වන්න