වාසනා සම්පත අලුත් වෙයි | දිනමිණ

වාසනා සම්පත අලුත් වෙයි

ජාතික ලොතරැයි මණ්ඩලයේ පැරණිතම දිනුම් අදිනු ලබන ලොතරැයියක් වන වාසනා සම්පත ලොතරැයිය ආරම්භ වන්නේ 1994 ජනවාරි 31 වන දිනදීය.

සමස්ත අලෙවි ජාලයේ සහ පාරිභෝගික ඉල්ලීම පරිදි, 2019.03.14 සිට ආකර්ෂණීය නව ත්‍යාග හා චිත්‍ර රටා සහිතව “වාසනා සම්පත” ලොතරැයිය වෙළෙඳපොළට නැවත ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇත.

ඒ අනුව වාසනා සම්පත සංශෝධිත නව තාග රටාව පහත පරිදි වේ.

ඉංග්‍රීසි අකුර සමඟ අංක 04 ම ගැලපේ නම් රු.10,000,000/-

අංක 04ක් පමණක් ගැළපේ නම් රු.1,000,000/-

අංක 03ක් සමඟ ඉංග්‍රීසි අකුර ගැළපේ නම් රු.100,000‍/-

අංක 03ක් පමණක් ගැළපේ නම් රු.2000/-

අංක 02ක් සමග ඉංග්‍රීසි අකුර ගැලපේ නම් රු.500/-

අංක 02ක් පමණක් ගැලපේ නම් රු.100/-

අංක 01ක් සමග ඉංග්‍රීසි අකුර ගැලපේ නම් රු.60/-

අංක 01ක් පමණක් ගැලපේ නම් රු.20/-

ඉංග්‍රීසි අකුර පමණක් ගැලපේ නම් රු.20/-

සංශෝධිත ත්‍යාග හා චිත්‍ර රටා සහිත විශේෂ දිනුම් වාරය

මෙම සංශෝධන සහිත ප්‍රථම වාසනා සම්පත දිනුම් වාරය, එනම් 2019.03.14 දිනට යෙදෙන 1535 වන දිනුම් වාරය විශේෂ දිනුම් වාරයක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර ඊට අදාළ විස්තරය පහත පරිදි වේ.

ලබාදෙන අමතර විශේෂ ත්‍යාග

පවත්නා ත්‍යාගයන්ට අමතරව ලොතරැයි පතේ මුද්‍රිත අංක 07කින් සමන්විත විශේෂ අංකය දිනුම් ඇදීමෙන් විශේෂ කාණ්ඩ අංක 12ක් තෝරාගනු ලබයි. එම කාණ්ඩ අංක ජයග්‍රාහකයින් සඳහා පහත සඳහන් පරිදි අමතර ත්‍යාගයන් ලබා දෙනු ලැබේ.

පළමුවන විශේෂ අංකය - Toyota Wigo මෝටර් රථ 01

දෙවන විශේෂ අංකය - 100cc කාන්තා යතුරු පැදියක්

තෙවන විශේෂ අංකය සිට දොළොස්වන විශේෂ අංකය සඳහා - රන් කාසිය බැගින් රන් කාසි 10ක්

වාසනා සම්පත 1536 වන වාරයේ සිට 1545 වන වාරය දක්වා අතිරේක ත්‍යාග සහිතව වෙළෙඳපොළට නිකුත් කිරීම

සංශෝධිත නව ත්‍යාග හා චිත්‍ර රටා වැඩිදුරටත් පාරිභෝගිකයින් අතරට ගෙන යාම අරමුණු කරගෙන වාසනා සම්පත 1536 වන දිනුම් වාරයේ සිට 2019.05.30 දිනට යෙදෙන වාසනා සම්පත 1545 දිනුම් වාරය දක්වා අංක 07කින් සමන්විත වි‍ෙශ්ෂිත අංකයක් ලොතරැයි පතේ මුද්‍රණය කරන අතර එම අංකය දිනුම් ඇදීමෙන් තෝරා ගන්නා එක් විශේෂිත අංකයක් සඳහා 100cc කාන්තා යතුරු පැදිය බැගින් මෙම දිනුම් වාර 10 දීම අමතර ත්‍යාග ලෙස ලබා දෙනු ලැබේ.

නව අදහස දක්වන්න