නිව­ස­ටම ගොස් වෛද්‍ය ප්‍රති­කාර පන්නි­පි­ටිය පෞද්ග­ලික රෝහ‍ලෙන් | දිනමිණ

නිව­ස­ටම ගොස් වෛද්‍ය ප්‍රති­කාර පන්නි­පි­ටිය පෞද්ග­ලික රෝහ‍ලෙන්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පෞද්ගලික රෝහලක් වන පන්නිපිටිය (පෞද්ගලික) රෝහල තවත් පියවරක් ඉදිරියට තබමින් ජංගම වෛද්‍ය සේවා සහ ජංගම රසායනාගාර සේවා පහසුකම් පැය 24 පුරාම ලබාදීමට පියවර ගෙන තිබේ.

රෝගීන්ට රෝහල වෙත පැමිණීමට අපහසු සහ හදිසි අවස්ථාවල දී ඔවුනට සහනයක් සැලසීමේ අරමුණින් දියත් කර ඇති මෙම පහසුකම් ලබාගැනීම සඳහා රෝගියාට අමතරව වැය කිරීමට සිදුවන්නේ ප්‍රවාහන වියදම් පමණක් බව පන්නිපිටිය (පෞද්ගලික) රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද කුරුප්පුආරච්චි මහතා පවසයි.

ඒ අනුව යම් රෝගියකුට ජංගම වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බව පන්නිපිටිය (පෞද්ගලික) රෝහල වෙත දැනුම් දුන් විට පළපුරුදු වෛද්‍යවරයකු සහ හෙදියන් දෙදෙනකු රැගත් ගිලන් රථයක් රෝගියාගේ නිවසටම යැවීමට රෝහල පියවර ගනී.

රෝහල අවට වෙසෙන රෝගීන්ගේ රසායනාගාර සාම්පල නිවසටම ගොස් ලබාගෙන පරීක්ෂණ ප්‍රතිඵල ලබාදීම සඳහා කිසිදු අමතර මුදලක් අය නොකිරීමද පන්නිපිටිය (පෞද්ගලික) රෝහල ලබාදෙන තවත් සේවාවකි. දිවයිනේ සාධාරණම මිල ගණන් යටතේ, වඩාත් නිරවද්‍ය සහ විශ්වසනීය ලෙස රසායනාගාර පරීක්ෂණ වාර්තා ලබාදෙන පන්නිපිටිය (පෞද්ගලික) රෝහල අවශ්‍ය නම් ඊමේල් හරහා එම වාර්තා ක්ෂණිකව රෝගීන් වෙත යැවීමටද පහසුකම් සලසා දී ඇත. රෝහලේ 0112840065 සහ 0115886500 යන ක්ෂණික ඇමතුම් අංකවලට අමතා දැනුම් දීමෙන් ජංගම වෛද්‍ය සේවා සහ ජංගම රසායනාගාර සේවා ලබාගත හැකිය.

‘‘යම් රෝගියකුට වෛද්‍ය ප්‍රතිකාර හෝ රසායනාගාර සේවා පහසුකම් ලබාගැනීමට රෝහලක් වෙත යාමට අපහසු අවස්ථාවක දී ඔහු හෝ ඇය ඉතා අසරණ තත්ත්වයකට පත්වෙනවා. හදිසි අවස්ථාවක දී නම් මේ තත්ත්වය තවත් භයානකයි. එවැනි අවස්ථාවක දී වෛද්‍යවරයකු හෝ රසායනාගාර තාක්ෂණවේදියකු නිවසටම ගෙන්වාගෙන ප්‍රතිකාර හෝ රසායනාගාර වාර්තා ලබාගැනීම සඳහා අධික මුදලක් වැය කිරීමට බොහෝ දෙනාට අපහසුයි. මෙවැනි අවස්ථාවක රෝගීන් පත්වන අපහසුතාවන් ගැන සැලකිලිමත් වෙමිනුයි අමතර මුදලක් ලෙස ප්‍රවාහන වියදම පමණක් අයකරගෙන ජංගම වෛද්‍ය සේවා සහ රසායනාගාර සේවා පහසුකම් හඳුන්වා දීමට අප රෝහල තීරණය කළේ. අනවශ්‍ය වියදම් කපා හැර, එයින් ලැබෙන ප්‍රතිලාභද රෝගීන් වෙත පිරිනමන අප රෝහල මුදල් ඉපැයීමේ අරමුණ පසෙකලා තවත් එක් සේවාවක් ලෙසයි මෙම පහසුකම් රෝගීන් වෙත පිරිනමන්නේ’’ යනුවෙන් පන්නිපිටිය (පෞද්ගලික) රෝහලේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආනන්ද කුරුප්පුආරච්චි මහතා පැවැසීය.

නව අදහස දක්වන්න