හෙට ගසක් වෙන්නේ අද ව්‍යාපාරික අංකුරයි | දිනමිණ

හෙට ගසක් වෙන්නේ අද ව්‍යාපාරික අංකුරයි

දශක දෙකකට ආසන්න කාලයක සිට ශ්‍රී ලාංකීය මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ විශ්වාසවන්ත නාමයක් HNB ෆිනෑනස් නාමය වඩාත් සංවිධිත විස්තීර්ණ මූල්‍ය සේවා රැසක් පාරිභෝගිකයින් වෙත තිළිණ කරමින් මෙරට ආර්ථික ශක්තිමත් කිරීම සඳහා දායකත්වයක් ලබා දෙමින් සිටී.ක්ෂුද්‍ර පරිමාණයේ සිට මධ්‍යම පරිමාණය දක්වා විවිධ වූ සමාජ තලයන් නියෝජනය කරන පාරිභෝගික සමාජයක් වෙත සිය සේවාවන් ලබා දෙමින් ඔවුන්ගේ ආර්ථික මට්ටම නංවාලීමට HNB ෆිනෑන්ස් කැපවී සිටී. HNB ෆිනෑන්ස් ලබා දෙන සේවාවන් අතර ලීසිං සේවාවන්ට ද ප්‍රමුඛස්ථානයක් හිමි වන අතර ලීසිං ක්ෂේත්‍රයේ පාර්භෝගික විශ්වාසය දිනා ගත් සමාගමක් ලෙස HNB ෆිනෑන්ස් වඩාත් තරගකාරී පොලී අනුපාතයක් යටතේ ලීසිං පැකේජයන් රැසක් සිය පාරිභෝගිකයින්ට හඳුන්වාදී ඇත. මේ පිළිබඳව දැනුවත් කරමින් HNBෆිනෑන්ස් හි ලීසිං අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර් .ඒ .දයාවංශ මහතා අප හා පිළිසඳරේ යෙදුනේ මෙලෙසිනි.

HNB ෆිනෑන්ස් ආයතනය පිළිබඳ කෙටි හැදින්වීමක් කළහොත් ‍?

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමත සමාගමක් වන HNB ෆිනෑන්ස් බංග්ලාදේශයේ ක්‍රියාත්මක ග්‍රාමීන් සංකල්පය පූර්වාදර්ශ කරගනිමින් 2000 වර්ෂයේ දී ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක් ලෙස ආරම්භ කළා. ඒ වගේ ම 2015 වසරේ සිට HNB බැංකුව හා අනුබද්ධ සමාගමක් ලෙස HNB ෆිනෑන්ස් ඕනෑ ම ගණුදෙනු කරුවකුගේ මූල්‍ය අවශ්‍යතාවය සලකා ඔවුන් සමඟ බැඳි කටයුතු කරනවාග දැනට රට පුරා අපගේ ශාඛා 48ක් සහ සේවා මධ්‍යස්ථාන 21 ක් පිහිටුවා තිබෙන අතර නාගරික ප්‍රාදේශවල මෙන් ම ග්‍රාමීය පෙදෙස් සඳහා ද වැඩි ශාඛා හා සේවා මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක් පිහිටුවා තිබෙනවා.

ප්‍රමුඛ මූල්‍ය ආයතනයක් විදියට ලීසිං ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට හේතුව පැහැදිලි කළොත් ?

මූල්‍ය ආයතනයක් විදියට අපත් සමඟ එක්ව සංවර්ධන කරා පියනැඟි පාරිභෝගික ජනතාවට ශක්තියක් ඒ අයගේ නව අවශ්‍යතා අනූව ඒ සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් හදුන්වාදීමක් වශයෙන් තමයි HNB ෆිනෑන්ස් ලීසිං සේවාව හඳුන්වාදීමට හැකි වන්නේ. මේ සේවාව මඟින් යතුරු පැදියේ සිට ලොකු කුඩා ඕනෑම වාහනයක් සඳහා අවශ්‍ය ලීසිං පහසුකම් වගේම යන්ත්‍රෝපකරණ සඳහාත් අවශ්‍ය ලීසිං පහසුකම් සපයනු ලබන අතර ඉතා ආකාර්ෂණීය පොලී අනුපාත යටතේ විශේස ලීසිං පහසුකම් ලබා ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා. මෙහි දී ඒ අයගේ ගෙවීමේ හැකියාව අනූව මාසික වාරික වශයෙන් ගෙවීමේ හැකියාව වගේම ආදායමට සරිලන ලෙස ආකර්ශණීය ක්‍රමවේද රැසක් යටතේ ගෙවීමේ හැකියාවත් ලබා දී තිබෙනවා.

මොනවද මේ විශේෂ ක්‍රමවේදය

ගනුදෙනුකරුවන්ගේ මුදල් ලැබෙන කාල වකවානුව අනූව වාරික ගෙවීමේ ක්‍රමවේද, ව්‍යාපාරයේ වර්ධනයත් සමඟ වාරික මුදල වැඩි වීමේ ( Step-up) ක්‍රමවේදය, මෙය ව්‍යාපාරවලට වගේ ම කිසියම් වෘත්තියක නියැලෙන අයකුට වුවද වසරින් වසර තමන්ගේ රැකියාවේ ස්ථාවරත්වය වර්ධනය වීමත් සමඟ ඉතා පහසුවෙන් ගෙවීම් කළ හැකි ක්‍රමවේදයක්. මීට අමතරව මුලූ වාරික සඳහා අඩු මුදලකුත් අවසන් වාරිකයට එකවර වැඩි මුදලක් ගෙවීමේ පහසුකම සහිත (Residual Value) ක්‍රමවේදය ගණුදෙනුකරුවාට මුදල් ලැබෙන ආකාරය අනූව එකවර විශාල මුදලක් තැන්පත් කිරීමේ එකඟතාව මත මාසික වාරික සැකසීමේ ( Bulk payment method )ක්‍රමවේදය වගේ පාරිභෝගිකයන් හට සමීප ගෙවීමේ ක්‍රමවේද රැසක් HNB ෆිනෑන්ස් වෙතින් හඳූන්වා තිබෙනවා.

HNBෆිනෑන්ස් ලීසිං සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අත්වැලක් වන්නේ කෙසේ ද ?

ආයතනයක් වශයෙන් අප ඕනෑ ම ව්‍යාපාරිකයෙකුගේ මූල්‍ය අවශ්‍යතා සඳහා අවශ්‍ය ලීසිං පහසුකම් ලබා දෙනවා.

විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට දිරි දීමක් අප ආයතනය හරහා සිදු වෙනවා.අප සමඟ අත්වැල් බැද සිටි කුඩා කර්මාන්ත ව්‍යාපාරිකයන් අද වන විට දියුණු මට්ටමකට පැමිණ සිටිනවා.මේ නිසා ඒ අයට ලීසිං පහසුකම්වලට අමතරව පුහුණු වැඩසටහන්ල උපදේශන සේවාවන් වගේ ව්‍යාපාරික වශයෙන් ඉදිරියට යෑමට අවශ්‍ය පහසුකම් ආයතනයක් විදියට අප විසින් ලබා දෙනවා.

කෙටි කාලයක් තුළ ඔබ ආයතනය විශාල වර්ධනයක් හිමි කර ගෙන තිබෙනවා ?

පළපුරුද්දක් සහිත කාර්ය මණ්ඩලයක් අපගේ සේවවාන් සමඟ අත්වැල් බැඳගෙන සිටීම ඒ සඳහා විශාල ශක්තියක් වී තිබෙනවා. පාරිභෝගිකයාට ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය මත පාරිභෝගිකයා අප කෙරෙහි විශාල විශ්වාසයක් තබා තිබේ. දැනට අපගේ ණය ලාභීන් ලක්ෂ 3ක් පමණ රට පුරා විසිරී සිටිනවා. ඒ වගේ ම විවිධ දැනුවත් කිරීම් හා අපගේ සේවාව මත ආයතනය අද ඉහළ තැනක සිටිනවා.

ඔබ ආයතනය ජනතාව වෙත ලබා දෙන පහසුකම් මොනවා ද ?

ලොකු තරඟකාරීත්වයක් වෙළඳපොළේ තිබෙනවා. ඉතින් අපට අවශ්‍ය වන්නේ කුඩා පරිමාණ හා මධ්‍ය ම පරිමාණ ව්‍යාපාරිකයන්ට මෙන් ම ජනතාවටත් අත හිත දෙමින් අපේ සේවවා පුළුල් තලයකයට රැගෙන යාමටයි.ඉතින් ක්ෂේත්‍රයේ තිබෙන තරඟකාරීත්වය හා ඉහළ පොළී අනුපාතයන් සමඟ සාර්ථකව කටයුතු කරමින් අපේ පාරිභෝගිකයින්ට ඉන් කිසිදු හානියක් වීමට නොවී අප කෙරෙහි තැබූ විශ්වාසය එලෙසින් ම රකිනවා.

මේ දවස්වල දියත් කෙරෙන සුවිශේෂී පහසුකම් මොනවා ද ?

වර්තමානයේ දී අපි ඉන්ද්‍රා ට්‍රේඩර්ස්ල Dimo අයිඩියල් මෝටර්ස්ල AMW කොලෝනියල් මෝටර්ස්ල Unimo සහ මයික්‍රෝ යන දිවයිනේ ප්‍රධානත ම වාහන ආනයනකරුවන් සමඟ අවබෝධකා ලිවිසුම් ගතවෙලා සිටිනවා. මේ නිසා ම එම වාහන මිල දී ගන්නා පාරිභෝගිකයන්ට වට්ටම් සහිත ව ඉතා හොඳ පහසුකම් රැසක් ලබා දෙනවා. මෙම ආයතනයන් විසින් ආනයනය කරන මෝටර් රථ කාණ්ඩ විශාල සංඛ්‍යාවක් අපගේ ලීසිං සේවාව මගින් ආවරණය වෙනවා. මෙම තත්ත්වය පාරිභෝගිකයින්ට විශාල ප්‍රතිලාභයක් සලසන බව කිව හැකියි.

HNB ්‍ෆිනෑන්ස් ලීසිං පහසුකම් ලබා දෙන්නේ වාහන සඳහා පමණයි ද ?

නැහැ. මේ වෙනකොට යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සඳහා අපි සපයනු ලබන ලීසිං පහසුකම්වලට අමතරව ඉදිරියේ දී මෙම වාහන කාණ්ඩ දෙක සඳහා විශේෂ ලීසිං පැකේජයක් හදුන්වා දීමට අප කටයුතු කරනවා. මේ යටතේ සුවිශේෂී පොළී අනුපාත උපරිම ලීසිං පහසුකමල සමඟ විශේෂිත තිළිණ ප්‍රධානය කිරීමට බලාපොරොත්තු වෙනවා.එමෙන් ම වර්තමානය වන විට යතුරු පැදිල ත්‍රීරෝද රථ, කාර්, වෑන්, ලොරි ඇතුළු සියලුම රථ වාහන සඳහා ලීසිං පහසුකම් HNBෆිනෑන්ස් සමාගමෙන් ලබාදෙන බව පැවසිය යුතු ම කරුණකි.

නව අදහස දක්වන්න