උතුරු ආණ්ඩුකාරවරයා සහ ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක් | දිනමිණ

උතුරු ආණ්ඩුකාරවරයා සහ ඉන්දීය මහ කොමසාරිස් අතර හමුවක්

ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සින් සන්දු මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර හමුවක් පසුගිය දා (17) ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ නිල නිවෙසේ දී සිදුවිය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත නීල හරිත රටක් බිහි කිරීමේ වැඩසටහන සනිටුහන් කරමින් මෙහි දී උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඉන්දීය මහ කොමසාරිස්වරයා වෙත නා පැළයක් පිළිගන්වන ලදී.

ජනාධිපතිවරයා විසින් විශේෂයෙන් උතුරු පළාත සඳහා සිදු කරන සංවර්ධන වැඩ කටයුතු සහ දකුණු පළාතේ සිදු කරන සංවර්ධන වැඩ කටයුතු සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ඉදිරියේදීත් තම රජය විසින් ලබාදෙන බවත් තවත් විශේෂ සංවර්ධන ව්‍යපෘතීන් කිහිපයක් ආරම්භ කිරීම පිළිබඳත් මෙහි දී සාකච්ඡා කෙරුණ අතර, එම කටයුතු ක්‍රියාත්මක කිරීමට සහයෝගය පළ කරන බව ද ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සින් සන්දු මහතා විසින් ප්‍රකාශ කළේය.

එසේම මේ වන විටත් ඉන්දීය රජය විසින් උතුරු පළාත සංවර්ධනය සඳහා ලබා දී ඇති සහයෝගය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරයා විසින් විශේෂ ස්තූතියක් ද පිරිනමන ලදී.

නව අදහස දක්වන්න