බුත්තල අනතුරින් රියදුරු මිය ගිහින් | දිනමිණ

බුත්තල අනතුරින් රියදුරු මිය ගිහින්

7කට තුවාල ඌව පළාත් සමූහ ප්‍රසන්න පත්මසිරි බුත්තල මහගොඩයාය ප්‍රදේශයේදී උදෑසන බස් රථයක කුඩා ලොරියක් ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් ලොරි රථ රියදුරු මියගොස් තවත් හත්දෙනකු තුවාල ලබා ඇති බව පොලීසිය කියයි. වැල්ලවාය සිට මොණරාගලට ධාවනය වු මගී පෞද්ගලික බසයක සියඹලාණ්ඩුව සිට කෙළඹ බලා ධාවනය වු වන්දනා ගමනක් ගිය ලොරිය ගැටී අනතුර සිදුවී තිබේ. අනතුරින් කොළඹ මාලබේ පදිංචි ලොරි රියදුරු මියගොස් එහි ගමන්ගත් තවත් හත්දෙනකු තුවාල ලබා තිබෙන බව පොලීසිය කියයි. වන්දනාකරුවන් සියඹලාණ්ඩුව කැබිලිත්ත දේවාලයට ගොස් නැවත කොළඹට යන අතරතුර අනතුර සිදුව ඇත. බුත්තල පොලිසීය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 


නව අදහස දක්වන්න