මැගී නූඩ්ල්ස් කුළුබඩු හා ඖෂධ සමඟ | දිනමිණ

මැගී නූඩ්ල්ස් කුළුබඩු හා ඖෂධ සමඟ

‘මැගී’ පුංචි දරුවෝ පමණක් නොවේ වැඩිහිටියන්ගේත් පහසු ලෙහෙසි ආහාරයක් බවට පත්වී ඇත්තේ පොඩි, පොඩි බඩගිනි ‍පමණක් නොවේ ඇතැම් විශේෂිත අවස්ථාවන්හි දී පවා ‘මැගී’ ‘වෙනසක්’ ඇතිකරන ආහාරයක් බැවිනි.

කුඩා දරුවන්ගේ පාසල් ආහාර වේලට ‘මැගී’ එකතුවූවිට ඔවුන් වඩාත් සතුටු වන්නේ එහි පවතින ඔවුන් වඩාත් ප්‍රියකරන රසනිසාය. ‘මැගී’ ඇත්තටම මෙසේ රසගන්වා ඇත්තේ කෙසේදැයි විමසා බැලීමට පසුගිය දිනෙක මාධ්‍යවේදීන් වන අපටත් අවස්ථාවක් උදාවුණා. ඒ අනුව පන්නල පිහිටි නෙස්ලේ කර්මාන්ත ශාලාව වෙත ගොස් පියවරෙන් පියවර ‘මැගී’ නූඩ්ල්ස් නිෂ්පාදනය වන අන්දම සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව හිමිවුණා. වගකිවයුතු මාධ්‍යවේදීන් ලෙස එහි දී අප කණ්ඩායමේ බොහෝදෙනෙක් ‘මැගී’ නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව මෙන්ම මැගී රස ගැන්වීම සඳහා එක්කරන ද්‍රව්‍යයන් පිළිබඳව ‘මැගී’ නිෂ්පාදන කණ්ඩායමෙන් ප්‍රශ්න කළා.

එහි දී අප හඳුනාගත් කරුණු අතර විශේෂත කරුණ වන්නේ වසර 30ක කාලයක් පුරා පැවත එන ‘මැගී’ කාලානුරූපව වඩාත් දියුණු වී ඇති බවය. එසේම මේවනවිට කිසිදු කෘත්‍රිම රස කාරකයක් අඩංගු නොවන මැගී රස ගන්වනුයේ දේශීය කුළුබඩු මිශ්‍රණයකින් වීම විශේෂිතයි. එපමණක් නොව ‘මැගී’ නිෂ්පාදන ක්‍රියාවලිය ඉතාමත් සුපරික්ෂාකාරී අන්දමෙන් වඩාත් සෞඛ්‍යාරක්ෂිත අන්දමින් කෙරෙන ක්‍රියාවලියක් බවයි. වඩාත්ම වැදගත් දේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දී 300 වතාවක් පමණ සෞඛ්‍යාරක්ෂණ බව පිළිබඳ පරීක්ෂාවට ලක්වන බවයි.

‘මැගී’ පිළිබඳව මාධ්‍යවේදින්ගේ ගැටලු රාශියක්ම පැවැති අතර නෙස්ලේ මැගී කණ්ඩායම ඊට පිළිතුරු ලබාදුන්නේ උද්‍යෝගිමත්වයි. එහි දී බොහෝ දෙනකු විමසුවේ මුහුණුපොත හරහා කෙරෙන පදනම් විරහිත ප්‍රචාරයන් පිළිබඳවයි. ඔවුන් දුන් පිළිතුර වූවේ ‘මැගී’ පාරිභෝගිකයන්ට තම ආයතනයේ දොරවල් විවෘතව ඇති බැවින් තම නිෂ්පාදන ක්‍රියාවලිය සියැසින් බලා විමර්ශනය කරන ලෙසයි. MyMaggi ‘Know More About What You Love’ වැඩසටහන ඔස්සේ මැගී නූඩ්ල්ස් නිෂ්පාදනය කෙරෙන ආකාරය දැනගැනීමට නෙස්ලේ, පාරිභෝගිකයන්ට ආරාධනා කෙරේ. දිවයින පුරා සිටින මැගී පාරිභෝගිකයින්ට තමන්ගේ ප්‍රියතම නූඩ්ලස් නිෂ්පාදනය සඳහා යොදාගන්නා රසවත් අමුද්‍රව්‍ය ගැනත් අවබෝධයක් ලබාදීම පිණිස ‘Know More About What You Love’ නමින් සුවිශේෂී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නෙස්ලේ ලංකා සමාගම පියවර ගෙන තිබේ. ඒ www.maggi.lkmymaggiවෙබ් අඩවිය යොදාගනිමිනි. මෙම රසවත් නූඩ්ල්ස් නිෂ්පාදනයෙහි රසය වැඩිදියුණු කිරීම සඳහා මැගී, ශ්‍රී ලාංකික ආහාර පිසීමේ දී විශ්වාසය හා කැමැත්ත දිනාගත් සාම්ප්‍රදායික කුළුබඩු හා ඖෂධීය පැළෑටි යොදාගනියි. ඊට, කොත්තමල්ලි, කරඳමුංගු, කහ, සූදුරු, ගම්මිරිස්, සාදික්කා, උළුහාල්, ඇනිසි, මිරිස්, සුදුළූණු, ඉඟු‍රු, රම්පේ සහ කරපිංචා අන්තර්ගත වේ. තව ද මැගී නූඞ්ල්ස් පෙළ කැල්සියම් යහගුණයෙන් ද අනූන අතර ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පිරිනමනු ලබන ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය (SLS)ද ඊට හිමිව තිබේ. ඒ මැගී සතු ඉහළ ගුණාත්මක භාවය හා ආහාර සුරක්ෂිතතා ප්‍රමිතීන් ඇගයීමට ලක්කරමිනි. මැගී වෙතින් ‘Know More About What You Love’ වැඩසටහන ඉදිරිපත් කර තිබෙන්නේ ද ශ්‍රී ලාංකිකයින් තම නිවසේ දී ආහාර පිළියෙල කිරීමට යොදාගන්නා ආකාරයේ ස්වභාවික සහ හුරුපුරුදු අමුද්‍රව්‍ය තම නිෂ්පාදන සඳහා ද භාවිත කරන බව පෙන්වාදීමේ අරමුණෙනි. ඒ අනුව රසවත් මැගී නූඞ්ල්ස් පිඟානක් ඔබ ඉදිරියට පැමිණීමට පෙර එය නිෂ්පාදනය කෙරෙන ආකාරය, ඊට යොදාගන්නා අමුද්‍රව්‍ය ඇතුළු තිරයෙන් පිටුපස ප්‍රධාන අංග ඔබ හමුවට ගෙන ඒමට නෙස්ලේ සමාගම යුහුසුළු වී තිබේ.

 

නව අදහස දක්වන්න