පොල් කර්මාන්තයෙන් බිලියන 95 ක් | දිනමිණ

පොල් කර්මාන්තයෙන් බිලියන 95 ක්

පොල් කර්මාන්තයෙන් පසුගිය වසරේදී රුපියල් බිලියන 95 ක අපනයන ආදායමක් ඉපැයූ බවයි පොල් සංවර්ධන අධිකාරිය ප‍්‍රකාශ කර තිබේ.එය 2022 වසර වනවිට දෙගුණයකින් වැඩිකිරීම අරමුණවී තිබේ .2017 වසරේදී පොල් අපනයන ආදායම රුපියල් බිලියන 73 ක් විය.

පොල් සංවර්ධන අධිකාරිය වැඩි දුරටත් ප‍්‍රකාශ කර සිටියේ 2017, 2018 කාලසීමාවේදී පොල් එලදාව අඩු වුවද පොල් ආශි‍්‍රත නිෂ්පාදනයන්හි සැලකිය යුතු වර්ධනයක් පැවැති බවත්, ගතවූ වසර හතර තුළ නැවුම් පොල් තෙල්, පොල් කිරි, පොල් කී‍්‍රම් හා පිටිකළ පොල් කිරි යන නිෂ්පාදනයන්හි වර්ධනයක් සිදුව තිබෙන බවත් ය.

නව අදහස දක්වන්න