ඉන්දියාවේ වේගවත්ම දුම්රිය නතර වෙයි | දිනමිණ

ඉන්දියාවේ වේගවත්ම දුම්රිය නතර වෙයි

ඉන්දියාවේ වේගවත්ම දුම්රිය ලෙස අගමැති නරේන්ද්‍ර මෝදි විසින් " වන්දේ භාරත් එක්ස්ප්‍රස් "  දුම්රිය ධාවනයට එක් කළ දිනට පසු දිනම කාර්මික දෝෂයකට ලක් වීම අතරමග නතර වී ඇති බව වාර්තා වේ. 
 
ඉන්දියාවේ නිශ්පාදනය කළ අර්ධ වේගවත් වන්දේ එක්ස්ප්‍රස් වරාණසී සිට දිල්ලිය දක්වා ගමන් කරමින් සිටියදී මෙම අකරතැබ්බයට මුහුණ පා ඇත. 
 
අත්හදාබැලීම් අතරතුරු මෙම දුම්රිය පැයට කිලෝ මීටර් 180ක වේගයක් වාර්තා කළ බව සඳහන් වේ. කාර්මික දෝෂයට ලක් වූ දුම්රිය වෙනත් දුම්රියක ආධාරයෙන් ආපසු දිල්ලියට රැගෙන විත් ඇත. 
 
ඉතා ඉක්මණින් අලුත්වැඩියා කර ඉරිදා දිනය වන විට එය නැවත ධාවනයට එක් කිරීමට කටයුතු කරන බව බලධාරීන් පවසයි. 
 

නව අදහස දක්වන්න