ඇතැම් පවුල් ජනපති සිහිනවල මගේ සිහිනය උදා ගම් 20000යි | දිනමිණ

ඇතැම් පවුල් ජනපති සිහිනවල මගේ සිහිනය උදා ගම් 20000යි

ඇමැති සජිත් ප්‍රේමදාස

ඇතැම් පවුල් ජනපති සිහින දකිමින් විකට රංගනවල යෙදුනත් තමාගේ නැටුම වන්නේ උදා ගම්මාන 20000ක් රටේ ජනතාවට ලබාදීම බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එමෙන්ම මෙරට සියලු ජනතාවගේ අපේක්ෂාව වනුයේ කිසිවෙකුගේ වහලෙකු නොවී කිසිවෙකු ළඟ වැඳ නොවැටී උසස් ජීවිතයක් ගත කිරීම බවද කී ඇමැතිවරයා වත්මන් රජයේ අරමුණ ජනතාවට සතුටින් පිරි ජීවිත ගතකළ හැකි රටක් නිර්මාණය කිරීම යයිද ප්‍රකාශ කළේය.

සෑම පුද්ගලයෙකුටම තමාගේ කියා නිවසක්, බිම් අඟලක් තිබිය යුතු බවද පැවසූ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා නිවාස නොමැති, ඉඩම් නොමැති ජනතාවට ඒවා ලබාදීමට ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ ශක්තිය තමාට ලැබෙන බවද කීය.

පසුගිය පාලන කාලයේ රජ පවුලේ පැවැත්මට විශාල ලෙස මුදල් වියදම් කළ බවත් රජ පවුල විසින් ඇමැතිවරුන් නැටවූ පාලනයක් වත්මන් රජය සතුව නොමැති බවද ඇමැතිවරයා පැවසීය.

සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ(17) අම්පාර දිස්ත්‍රික්කයේ ‘ සුනිලදියගම‘ ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.

 උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න