කුරුණෑගල වාහන තදබදයට හොඳම පිළියම මධ්‍යම අධිවේගය | දිනමිණ

කුරුණෑගල වාහන තදබදයට හොඳම පිළියම මධ්‍යම අධිවේගය

කි.මී.39 1/2 ක ඉදිකිරීම් දෙසැම්බරයේ අවසන්

බස්නාහිර මධ්‍යම හා වයඹ යන පළාත් අධිවේගී මාර්ගයක් ඔස්සේ සම්බන්ධ කරමින් කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ හා කුරුණැගල අවට ප්‍රදේශ වල පවතින වාහන තදබදය අවම කිරිම අරමුණු කර ගනිමින් ඊට පිළියමක් ලෙස ඉදි කරන මධ්‍යම අධිවේගී මාර්ගය මේ වන විට ශ්‍රි ලංකා රජයේ ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස හඳුනා ගෙන ඇත.

එහි දෙවන අධියර ලෙස ක්‍රියාත්මක මීරිගම සිට කුරුණැගල දක්වා වු කිලෝ මිවර් 39.29 ක අධිවේගී මාර්ගය ඉදි කිරිම් කටයුතු මේ ‍දෙසැම්බර් මස වන විට අවසන් කර ජනතා අයිතියට පත් කිරිමට නියමිත බව මීරිගම කුරුණැගල දක්වා වු දෙවන අධියර බාර ව්‍යාපෘති අධ්‍යක්ෂ වි.මෝහන් මහතා පැවසිය. රට තුල සිදු කෙරෙන දැවන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුව හා මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍යංශය එක් ව මීරිගම සිට කුරුණෑගල දක්වා ඉදි කෙරෙන අධිවේගි මර්ග ව්‍යාපෘතියේ ප්‍රගතිය නිරික්ෂණය කිරිම සදහ (13)පෙරේදා මාධ්‍ය චරිකාවක් සංවිධානය කර තිබුණි.

කොළඹින් පිට වන වාහන කැළණියට පිවිසීමෙන් පසු කඩවත අධිවේගී මාර්ගයේ සිට කුරුණැගල දෙසට ඇතුලු වන ප්‍රධාන පිවිසුමි වටරවුම මීරිගම පිහිටා ඇති අතර මෙම මිරිගම සිට කුරුණෑගල දක්වා ඉදි කරන මධ්‍යම අධිවේගි මාර්ගයේ ඉදි කිරරීම් කටයුතු බාරව දේශීය සමාගම් පහළොවක් පමණ කටයුතු කරන බවත් එම දේශිය සමාගම් යටතේ උප කොන්ත්‍රාත්කරුවන් ලෙස චින සමාගම් ද කටයුතු කරන බවත් ශ්‍රි ලංකාවේ හොඳම දේශිය බැංකු වලින් ලබා ගත් ණය මුදල් මීරිගම සිට කුරුණෑගල දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දෙවන කොටස සදහා ආයොජනය කර ඇති බව ද මෙහි දි ව්‍යාපෘති අධ්‍යක්ෂ වි.මෝහන් මහතා පැවසිය.

තව ද දැනට කොළඹ මහනුවර මාර්ගයේ පවතින වාහන තදබදයට ද පිළියමක් ලෙස කොළබ සිට පස්යාල දක්වාත් පසු ව පස්යාල සිට මිරිගම දක්වා මංතිරු හතරකින් සමන්විතව මාර්ගය පුළුල් කිරිමේ කටයුතු සිදු කරන බව ද පැවසීය.

මෙහි මුලික සැලසුමට අනුව උතුරු අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය නම් කර ක්‍රියාත්මක කිරිමෙන් පසු ශ්‍රි ලංකා රජය ප්‍රමුඛතා ව්‍යාපෘතියක් ලෙස හදුනා ගැනිමෙන් පසු මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියක් ලෙස නම් කර මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදි.ජාතික මහාමාර්ග සැලස්මට අනුව මෙහි මුලික අදියරේ දි බස්නාහිර කොළඹ ප්‍රධාන නගරයේ සිට මධ්‍යම පළාතේ අගනගරය වන මහනුවරටත් ඉන් පසු පෞරාණික වටිනාකමක් මෙන්ම ආර්ථික වැදගත්කමක් සහිත දඹුල්ල නගරය වෙත ගමනා ගමන පහසුකම් වැඩි දියුණු කිරිම අරමුණු ඉලක්ක කර ගනිමින් මෙම ව්‍යාපෘතියේ ඉදි කිරිම් කටයුතු සිදු කෙරේ.

මෙම අධිවේගී මාර්ගය අන්තර් හුවමාරු මධ්‍යස්ථාන වලින් සමන්විත ප්‍රවේශ මාර්ග හරහා පාලනය වන අතර මෙම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර හතරක් යටතේ න්‍රියාත්මක වේ . ඒ අනුව මෙහි පළමු කොටස ලෙස කඩවත සිට මීරිගම දක්වා කි.මී. 37 ක කොටසත් දෙවන කොටස ලෙස මිරිගම සිට කුරුණැගල දක්වා කිලෝ මිටර් 39.29 කොටසත් තුන් වන නොටස ලෙස පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝ මිටර් 32.5 කොටසත් හතරවන කොටස ලෙස කුරුණැගල සිට දඹුල්ල දක්වා කිලෝ මීටර් 60.3 ලෙස මෙම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙහි දෙවන අදියර ලෙස ක්‍රියාත්මක මිරිගම සිට කුරුණැගල දක්වා වු කිලෝ මීටර් 39.29 දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ පාරිසරික හා සමාජිය බලපෑම් අවම වන ලෙස නාගරික ප්‍රදේශ මග හරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා මෙහි යෝජිත ඉදිකිරීමේ මාර්ග පථය ගමන් ගනී.මෙම අධිවෙිගි මාර්ගය මංතිරු හතරකින් සමන්විත වන අතර මුදල් ගෙවීමේ කවුන්ටර් සහිත ප්‍රවේශ ස්ථාන ලෙස මීරිගම නාකලගමුව දම්බොක්ක කුරුණැගල යන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන හතරක් යටතේ ක්‍රියාත්මක වේ.මිට අමතරව මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය කුන් වන කොටස යටතේ ඉදි කිරීම් කටයුතු සිදු කරන පොතුහැර හුවමාරු අධිවේගී මාර්ගය හරහා ගමන් ගන්නා වාහන නුවර කුරුණෑගල හා කොළඹ දෙසට හුවමාරු විමට ඇති පහසුකම් සලසා දි ඇත.

මෙහි ඉදිකිරිමි ක්‍රියාත්මක කිරිමේදී කොන්ත්‍රාත් පැකේජ 04 ක් යටතේ (a b c d) එක් පැකේජයකට දල වශයෙන් කිලෝමීටර් 10 ක් පමණ වනසේ වෙන් වෙන්ව කොන්ත්‍රාත් පිරිනමා ඇත. ජාතික තරගකාරි මිල කැදවීම් ක්‍රියාවලිය යටතේ දේශිය කොන්ක්‍රාත්කරුවන්ගෙන් මුලික හවුල් ව්‍යාපාරයන් වෙත උපදේශන කොන්ත්‍රාත්තුව ද පිරිනමා ඇත,මෙම ව්‍යාපෘතියේ සිවිල් ඉංජිනේරුමය ඉදි කිර්ම සදහා කොන්ක්‍රාත් පිරිනැමිම 137.1 ක් ලෙස ද උපදේශන කොන්ක්‍රාත් සදහා රුපියල් 2.243.400.892.00 සහ ඇමරිකානු ඩොලර්5.861.284.00 ද ලෙස මුලු ව්‍යාපෘති වියදම රුපියල් බිලියන 160.8(බදු රහිත)ක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘති කොටසේ ඉදි කිරීම් කටයුතු සිදු කරන ආයතනය ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය කටයුතු කරයි.

කිලෝ මීටර් 40 ක් පමණ වන මෙම කොටසේ ඉදි කිරීම් සඳහා වු මාස 30 ක කොන්ත්‍රාත්තුවක් ලෙස 2017 ජනවාරි මාසයේ ඉදි කිරීම් කටයුතු ආරම්භ කර ඇති අතර 2019 ජුලි මාසය වන විට මෙහි ඉදි කිරිම් කටයුතු අවසන් කිරිමට සැලසුම් කර ඇත. මෙම අධිවේගී මාර්ගයට ඉහලින් ගමන් කරන විශාල ප්‍රමාණයේ පාලම් 12 ක් ද අධිවේගී මාර්ගය ඉහලින් හා පහලින් ගමන් කරන කොටස් 42 ක් ද බොක්කු 130 ක් ද සම්පුර්ණයෙන්ම ගත් කළ මීටර් 10.421 ක් වන කොන්ක්‍රීට් කණු මත දිවෙන මාර්ග කොටස් 36 කින් සමන්විත දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියක් බවට මෙය පත්ව ඇත.

තව ද මෙම කිලෝ මීටර් 39.29 දිවෙන මාර්ග කොටස සදහා මහජනයා ගේ පහසුව හා සිදු විය හැකි පාරිසරික බලපෑම් අවම වන පරිදි අදිවේගි මාර්ගය ඉදි කිරීම නිසා ජල ගැලීම් වැනි තත්වයන් ඇතිවීම අවම වන අකාරයට ක්‍ෂේත්‍රය කළමනාකරණය කර ඇත්තේ ශක්‍යතා අධ්‍යයනයටන්ට අමතරව ප්‍රදේශයේ මහජනතාවගේ ද අදහස් සැළකිල්ලට ගෙනය,මිටර් 2.5 දෙපස මාර්ගයේ උරහිස් ද මධ්‍යම පරතර තීරුව මීටර් 2.0 කින් යුක්ත වන හා මීටර් 3.6 ක මංතීරු හතරකින් සමන්විත අධිවේගි මාර්ගක් වන අතර අවශ්‍ය ස්ථාන වල දුර්වල බිම ශක්තිමත් කර අත්තිවාරම් පාදම සකසා හා ගල්තාර දමා මාර්ගය සකස් කිරිම සිදු කරති.

මිට අවශ්‍ය පරිදි සංඥා සලකුනු හා දිශා පුවරු ජාත්‍යන්තර සම්මත ප්‍රමිතීන්ට අනුව යොදනු ලබන අතර අන්තර් හුවමාරු මධ්‍යස්ථාන සදහා ප්‍රමාණවත් ආලොක සැපයුම් ස්ථාපනය කරනු ලබයි. පැයට කිලෝ මිටර් 100 ක උපරිම වේගයකින් වාහනය ධාවනය කර ගමනාන්තය කරා සුවපහසුව ඉක්මණින් හා ආරක්ෂාකාරිව ගමන් කිරිමේ පහසුව ඇති කිරීමේ අරමුණින් මෙහි ඉදි කිරීම් කටයුතු සිදු කෙරේ.මෙහි අන්තර් හුවමාරු මධ්‍යස්ථාන පුද්ගලයින් මගින් ක්‍රියා කර වන හා ස්වංක්‍රියව මුදල් අය කරන කවුලු සහිතව ඉදි කරනු ඇත.

මෙම ව්‍යාපෘතියේ සැලසුම් හා සක්‍යතා අධ්‍යයනය මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග සැලසුම් අංශය නුවර සැලසුම් අංශය මෙන්ම පාරිසරික හා සමාජීය අංශය මගින් බාහිර ආයතන ද සමග සම්බන්ධිකරණයෙන් මෙම ව්‍යාපෘතියේ ඉදි කිරිම් පිළිබදව සක්‍යතා අධ්‍යයනයන් සිදු කර ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිම සදහා 2016.06.16 උසස් අධ්‍යාපන හා මහා මාර්ත අමාත්‍යවරයා ගේ අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව 2016.07.01 කැබිනට් අනුමැතිය ලැබි ඇති අතර ඒ අනුව පෙර සුදුසුකම් ලත් දේශිය කොන්ත්‍රාත්කරුවන්ගෙන් ඇති කර ගන්නා ලද හවුල් ව්‍යාපාර හතරකට මෙම දෙවන කොටසේ සිවිල් වැඩ කොන්ත්‍රාත්තු සදහා තරගකාරි මිල ගණන් ඉදිරපත් කිරිමට අවස්ථාව ලබා දිම ද වැදගත් සිදු විමක් බවට පත් ව ඇත.මෙමගින් දේශිය කොන්ත්‍රාත් සමාගම් වල අදිවේගි මාර්ග ඉදි කිරිමේ ප්‍රවණතාවය ලෝකයට විදහා දක්වමින් දේශිය කොන්ත්‍රාත් සමාගම් ජාත්‍යන්තර තලයට ඔසවා තබන මහගු අවස්ථාවක් සලසා දීම මෙමගින් සිදු කෙරේ.

මෙම හවුල් ව්‍යාපාර හතරෙහි ප්‍රධාන හවුල්කරු ලෙස කටයුතු සිදු කරන්නේ ඉදි කිරීම් සංවර්ධන අධිකාරියේ (CIDA )මහා මාර්ග ඉදි කිරිමේ විශේෂඥතාව පිළිබඳ CS2 ශ්‍රේණියේ දැනට ලියාපදිංචිය ලත් දේශිය කොන්ත්‍රාත් සමාගම් වන අකර එලෙසින්ම ඉදිකිරීම් උපදේශනය සදහා දේශිය උපදේශන සේවා ආයතන 4 ක් බද්ධ ව්‍යාපාරයක් ලෙස පිහිටුවා ගෙන ඔවුන් වෙතින් ඉදි කිරීම් කොන්ත්‍රාත් උපදේෂණය සදහා අවශ්‍ය යෝජනා ලබා ගෙන ඇත. සිවිල් වැඩ කොන්ත්‍රාත්තු සහ උපදේශන සේවා කොන්ත්‍රාන්තුව ක්‍රියාත්මක කිරිම සදහා අවශ්‍ය මුදල් දේශිය බැංකු හෝ මෙරට මෙහෙයුම් සිදු කරන ජාත්‍යන්තර බැංකු වෙතින් ලබා ගැනිම සිදු වේ . මේ දක්වා දේශිය බැංකු මගින් හා මහා භාණ්ඩාගාරයෙන් ව්‍යාපෘතිය සදහා යොදවා ගෙන ඇති මුදල රුපියල් බිලියන 57.54 ක් වන අතර ව්‍යාපෘතියේ ඉදි කිරිම් වල සමාන්‍ය ප්‍රගතිය 56.5% කි.

මෙම අධිවේගි මාර්ගයේ ඉඩම් අත්පත් කර ගැනීම හා නැවත පදිංචි කිරිම් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත 1950 අංක 09 දරණ රජයේ ඉඩම් අත් කර ගැනිමේ පනත(460 අධිකාරය) අනුව අධිවේගි මාර්ග ඉදි කිරිමට අදාල ඉඩම් අත්පත් කර ගැනිමේ කටයුතු මීරිගම , අලව්ව , නාරම්වල ,පොල්ගහවෙල වීරබුගෙදර , කුරුණැගල හා මල්ලවපිටය යන ප්‍රදේශිය ලේකම් කාර්යාල හතක් යටතේ සිදු කරයි.

ඉඩම් අත්පත් කර ගැනීමේ පණත අනුව පවරා ගැනිමට අදහස් කරන ඉඩම් රජයේ මැනුම් දෙපාර්මේන්තුවේ තක්සේරුව අනුව තිරණය කර ගෙවීම් සිදු කරයි.තවද 1864/54 හා 2014/05/30 දින දරණ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යතුමා ගේ අති විශේෂ ගැසටි පත්‍රය අනුව යම් ඉඩමක අත් කර ගැනීමේ දී එම ඉඩමේ වෙළදපොල මිල හො එම අත්කර ගැනීමෙන් සිදු වු කිසියම් හානිකර පසුබෑමකට ගෙවන වන්දි තක්සේරුව තිරණය කිරිම ඉඩම් අත්කර ගැනිමේ හා ප්‍රතිස්ථාපනය කිරිමේ කමිටුව ( LARC ) පිහිටුවා ඒ මඟින් සිදු කරති .

ඊට අමතරව විශේෂ ඉඩම් අත්කර ගැනිමේ සහ ප්‍රතිස්ථාපනය කිරිමේ කමිටුව අමාත්‍යංශය මටිටමින් පිහිටුවා ඇත. එම කමිටුව අමාතශයේ ඉහළ නිලධාරියෙක් රජයේ මැනුම්පති රජයේ ප්‍රධාන තක්සේරුකරු මගින් සමන්විත වේ. ඉඩම් අත්නර ගැනිමේ ක්‍රියාවලිය තුලින් බලපැමට පත් ඕනෑම පුරවැසියෙකුට ඒ මගින් ව්‍යස්ථාපිත වන්දිය ප්‍රමාණවත් නොවන අවස්ථා වල දි ඒ පිළිබද කරුණු ඉදිරිපත් කර සිදු විය හැකි අගතින් අවම වන පරිදි සියලුම පාර්ශවයන් එකග වන වන්දි මුදලක් ගෙවිම හෝ විසදුමක් ඒ මගාන් ලබා දිමට කටයුතු කෙරෙන අතර ඒ කුලින් බලපැමට පත් වු පාර්ශවයන්ට උපරිම සාධාරණයක් ඉටු කර දිම සිදු කෙරේ.මේ හරහා ඉඩම් කොටස් 4705 ක් අත්කර ගැනීම සදහා හදුනා ගෙන ඇත.

මෙම ව්‍යාපෘතිය සදහා 2015.11.26 දින සිට ව්‍යාපෘති අධ්‍යක්ෂ පත් කර ප්‍රසමිපාදන ක්‍රියාවලිට 2016.06.02 සිට 2016.11.17 දින දක්වා පිළිගත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිල ගණන් කැඳවීමන් සිදු කර ඇත. ඒ අනුව ව්‍යාපෘතිය A B C සහ D යටතේ පැකෙජ 04 කට බෙදා එක් එක් පැකේජ ඉදි කිරීම් ආරම්භ කර ඇත.ඒ අනුව මීරිගම සිට රිලවුලුව දක්වා සිවිල් ඉංජිනේරු ඉදි කිරීම් කටයුතු සිදු කිරීම සඳහා ගිවිසුම් ගත මුදල රුපියල් 34 149 473 748. 33 වන ICC- ACCESS _ ( NAWALOKA _ KDESH JV) බද්ධ ව්‍යාපාර ලෙස කටයුතු කරන අතර 2017.01.16 වැඩ ආරම්භ කර ඇති අතර ගිවිසුමට අනුව අවසන් කිරිමට ඇත්තේ 2019.07.15 දි ද වන අතර රිලවුලුව සිට රංගල්ලෙපොල දක්වා සිවිල් ඉංජිනේරු ඉදි කිරිම් කටයුතු සිදු කිරිම සදහා ගිවිසුමි ගත මුදල රුපියල් 34.592.227.247.29 මෙහි කොන්ත්‍රාත්කරුවන් ලෙස Sierra - Olympus - Tudawe - CEC බද්ධ ව්‍යාපාර ලෙස කටයුතු කරන අතර ආරම්භ කළ දිනය 2017.01.16 ගිවිසුමට අනුව අවසන් කිරිමට ඇත්තේ 2019.07.15 දිනය.

රංගල්ලෙපොල සිට හිරිපිටිවල දක්වා සහ දෙවටගෙදර සිට මදිටියවල දක්වා සිවිල් ඉංජිනේරු ඉදි කිරීම් සදහා ගිවිසුම් ගත මුදල රුපියල් 32 084 804 648. 09 කොන්ත්‍රාත්කරුවන් ලෙස KDAW-NEM-E&C බද්ධ ව්‍යාපාර ලෙස කටයුතු කරන අතර ආරම්භක දිනය 2017.01.16 වන අතර ගිවිසුමට අනුව අවසන් කිරිමට නියමිත දිනය 2019.07.16මදිටියවල සිට කුරුණැගල දන්වා සිවිල් ඉංජිනේරැ ඉදි කිරීම් කටයුතු සදහා ගිවිසුම් ගත මුදල රැපියල් 36 271 636 194 .18 කොන්ත්‍රාත්කරුවන්ලෙස MAGA , CML - MTD , VVK - HOVAEL බද්ධ ව්‍යාපාර ලෙස කටයුතු කරන අතර වැඩ ආරම්භ කළ දිනය 2017.02.14 වන අතර ගිවිසුම අනුව අවසන් කිරීමට නියමිත දිනය 2019.08.13 වේ. මීරිගම සිට කුරුණැගල දක්වා කොටසේ කොන්ත්‍රාත් පැකේජය a b c d ඉදි කිරීම් උපදේශන සේවාව සිදු කිරිම සදහා ගිවිසුම් ගත මුදල රුපියල් 2, 243 400 892 .00 කි. මෙහි කොන්ත්‍රාත්කරුවන් ලෙස MCC- ECL -RDC JV in association with CEA , CECB , OCYANA & Green Tech බද්ධ ව්‍යාපාර විසින් සිදු කරනු ලබයි.

අරුණ ඩයස්

ඡායාරූප - කැලුම් ලියනගේ 

නව අදහස දක්වන්න