තල්මසුන් නැරැඹීමෙන් මිරිස්ස වනජීවියට දිනකට ලක්ෂ 30ක් | දිනමිණ

තල්මසුන් නැරැඹීමෙන් මිරිස්ස වනජීවියට දිනකට ලක්ෂ 30ක්

මානෙල් පුෂ්ප කුමාරි

මිරිස්ස තල්මසුන් නැරැඹීමෙන් දින 12ක් තුළ රුපියල් කෝටි තුනකට අධික ආදායමක් ලබාගත් බවත් දිනකට රුපියල් ලක්ෂ 30ක ආදායමක් ලබන බවත් මිරිස්ස වනජීවී කාර්යාලය පැවැසීය.

මේ මස 01 දින සිට ටිකට් පත් නිකුත් කිරීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පියවර ගැනීමෙන් පසු මෙතරම් විශාල ආදායමක් ලබා ගැනීමට හැකි වූ බව දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දේශීය නරඹන්නකුගෙන් රුපියල් 150ක් අය කෙරෙන අතර, විදේශීය නරඹන්නකු වෙනුවෙන් අමෙරිකන් ඩොලර් 15ක මුදලක් අය කරනු ලබන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

සජීවීව තල්මසුන් නැරැඹීම ඉතා ප්‍රීතිජනක අවස්ථාවක් වන අතර, පැයක මුහුදු ගමනකින් එම අවස්ථාව උදාකර ගත හැකි වන බවත් මිරිස්ස වරායෙන් සෑම දිනකම උදේ 7ට පිටත්වන තල්මසුන් නැරැඹීමේ යාත්‍රාවක ආසන කලින් වෙන් කර ගැනීම සඳහා 0713121061 අංකයට ඇමැතිය හැකි බවත් මිරිස්ස වනජීවී කාර්යාලය කියයි.

දක්‍ෂිණ වෙරළ තීරයේ තල්මසුන් නැරැඹීම බොහෝ ප්‍රචලිතයි. මේ සඳහා දෙස්-විදෙස් සංචාරකයන් දක්වන්නේ දැඩි කැමැත්තක්.

මිරිස්ස ප්‍රදේශයේ තල්මසුන් නැරැඹීමට පැමිණෙන සංචාරකයන්ට සේවා සපයන ආයතන 50කට අධික සංඛ්‍යාවක් පවතී. නීත්‍යානුකූල බලපත්‍රයකින් පමණක් යාත්‍රාවන්ගෙන් ගොස් තල්මසුන් නැරැඹීමට හැකිය.

එම සතුන්ගේ ස්වභාවික පැවැත්මට අවහිර වන ලෙස යාත්‍රා පැදවීම, ආහාර ද්‍රව්‍ය දැමීම හෝ වෙනත් අපද්‍රව්‍ය දැමීම තහනම් වේ.

නව ප්‍රවේශ පත්‍රය, මේ ක්ෂීරපායි සත්ත්වයන් සිටින මුහුදු සීමාවේ පමණක් යාත්‍රා කිරීමටත්, සත්ත්වයන් නැරැඹීමට නියමිත වේලාවන් හා දිනයට පමණක් වලංගු වේ.

අදහස් 1ක් ඇත

It is a very good work, but the boats involved are very small and carry huge number of people. Very dangerous, utilize proper boats, big good quality boats and provide tourists with life saving wests yellow floating wests. As the income is huge, use modern vessels. Good luck. Professor J.Jinadasa, a specialist in Marine research. The best area to sea whales is Trincomale coast, where I had worked 4 years , in the Sea fishing for flying fish.

නව අදහස දක්වන්න