දිය­වැ­ඩියා රෝග­යෙන් පීඩා විඳින චාන්ද­නීට සර­ණක් වෙන්න | දිනමිණ

දිය­වැ­ඩියා රෝග­යෙන් පීඩා විඳින චාන්ද­නීට සර­ණක් වෙන්න

අහං­ගම තිත්ත­ගල්ල හත්දෙ­නි­වත්ත පදිං­චිව සිටින කන­ත්තගේ චාන්දනී දිය­වැ­ඩියා රෝග­යෙන් පීඩා විදින 52 දෙහැ­වි­රිදි දෙදරු මවකි. ඇයගේ කකු­ල්වල හට­ගත් තුවාල කීප­ය­කට ප්‍රති­කාර ගැනී­මට කරා­පි­ටිය ශීක්ෂණ රෝහ­ලට ඇතුළු වූ විට එක් කකු­ලක තුවා­ල­යක් උග්‍ර තත්ත්ව­යට පත්වී තිබිම නිසා එම රෝහලේ විශේ­ෂඥ ශල්‍ය වෛද්‍ය එම්. එම්. ඒ. ජේ. කුමාර මහතා විසින් ඇයගේ දකුණු කකුලේ විලුඹ කොටස සැත්ක­මක් මඟින් ඉවත් කොට තිබේ. එම තුවා­ලය සුව­වන තෙක් ඇදෙන් බිමට නොබැස සිටින ලෙස උප­දෙස් දී ඇති වෛද්‍ය කුමාර මහතා එම පාදයේ අස්ථිය බිදුන හොත් කකුල කපා ඉවත් කිරි­මට

සිදු­වන බවට අන­තුරු අඟවා ඇත. මේ තුවා­ල­යට බෙහෙත් දැමීම සදහා විශාල මුද­ලක් වැය­වන අතර ආර්ථික වශ­යෙන් දුර්වල තත්ත්ව­යක සිටින චාන්ද­නීගේ සැමියා වන ඊ. කේ. නන්ද­සේන මේ නිසා අස­රණ තත්ත්ව­ය­කට පත්ව සිටියි. ස්ථිර රැකි­යා­වක් නොමැති නන්ද­සේන කුලි වැඩ කර බිරිය නඩත්තු කළ නමුත් ඇය ලෙඩ ඇඳට වැටීම නිසා නන්ද­සේ­නට රැකි­යා­ව­කට යෑම­ටද නොහැකි වී ඇත.

කටු­මැටි ගැසූ කුඩා නිව­හ­නක ජීවත් වන මේ යුව­ළට දරු­වන් දෙදෙ­නෙක් සිටින නමුත් ඔවුන්ද ආර්ථික වශ­යෙන් ශක්ති­මත් අය නොවේ. එම නිසා මේ රෝගි කාන්තා­වගේ කකුලේ තුවා­ල­යට බෙහෙත් ගැනීම සදහා සහ ජීව­ත්වීම සදහා ආධා­ර­යක් කරන ලෙස එම යුවළ මහ­ජ­න­තා­ව­ගෙන් උප­කාර බලා­පො­රොත්තු වෙති.

දකුණු පළාත් සංචා­රක
එස් දීය­ග­හගේ

නව අදහස දක්වන්න