උසස් පෙළ සිසුනට ‘ටැබ්’ දෙන්න කැබිනට් අනුමැතිය | දිනමිණ

උසස් පෙළ සිසුනට ‘ටැබ්’ දෙන්න කැබිනට් අනුමැතිය

උසස් පෙළ හදාරන සිසුන්ට ටැබ් පරිගණක ලබා දීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම වැඩසටහන නියමු ව්‍යාපෘතියක් ලෙස 1AB කාණ්ඩයේ සියලු පාසල්වල ක්‍රියාත්මක කිරීමට ඊයේ(12) කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

මෙම ව්‍යාපෘතිය මුලින්ම 1AB කාණ්ඩයේ සියලු පාසල්වල ක්‍රියාත්මක කැර එහි ප්‍රගතිය සහ සෙසු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මාස තුනකට පසුව අදාළ ව්‍යාපෘතිය දිවයිනේ සියලූ උසස් පෙළ දරුවන් ඉලක්ක කර ගනිමින් දියත් කිරීමට සැලසුම් කැර තිබේ. නුතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් මුදල් වෙන් කිරීමටත් මුදල් අැමැති මංගල සමරවීර මහතා ද මහතා ද එකඟතාව පළ කැර ඇත.

ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන පිළිබඳ සමස්ත සැලසුම සහ නියමු ව්‍යාපෘතිය කෙරෙන ආකාරය පිළිබඳ තොරතුරු, අධ්‍යාපන ඇමැති විරාජ් කාරියවසම් මහතා ,ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අැමැති මණ්ඩලය දැනුවත් කිරීම මීළඟ අැමැති මණ්ඩල රැස්වීමේදී සිදු කිරීමට නියමිතය.


නව අදහස දක්වන්න