ගාමිණී සෙනරත් ඇතුළු 4කට එරෙහි නඩුවේ සාක්කි අවසන් | දිනමිණ

ගාමිණී සෙනරත් ඇතුළු 4කට එරෙහි නඩුවේ සාක්කි අවසන්

රෝෂන් තුෂාර

ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි පවසමින් අධි චෝදනා විසිහතරක් යටතේ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් ඇතුළු සිවුදෙනෙකුට ‍එරෙහිව කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවේ පැමිණිල්ලේ සාක්කි විමසීම ඊයේ (12) අවසන් කළේය. විත්තිය වෙනුවෙන් සාක්කි කැඳවීමක් නොකරන බව විත්තියේ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණයට දැන්විය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සේදර සෙනරත්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුහින්න හා ලසන්ත බණ්ඩාර යන අයට මෙසේ චෝදනා ගොනුකර තිබිණි. පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය. විත්තියේ සාක්ෂි නොකැඳවීමේ යෝජනාව ලබන 22 වැනි දින ඉදිරිපත් කිරීමට නියමිතය.

නව අදහස දක්වන්න