ලංකා විදුලිබල සමාගමට ඉඩමක් මිල දී ගැනීමේදී සිදුවූ වැරදිවලට නීතිමය ක්‍රියාමාර්ග නොගැනිමේ නඩුව කල්යයි | දිනමිණ

ලංකා විදුලිබල සමාගමට ඉඩමක් මිල දී ගැනීමේදී සිදුවූ වැරදිවලට නීතිමය ක්‍රියාමාර්ග නොගැනිමේ නඩුව කල්යයි

හිටපු අගවිනිසරු මොහාන් පීරිස් සහ හිටපු අභියාචනාධිකරණ විනිසුරු ඒඑච්එම්ඩී නවාස් සහ විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම් එම්එම්සී ෆර්ඩිනැන්ඩු යන අයට විරුද්ධව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමෙහි සභාපතිවරයා අල්ලස් කොමිසමේ සමාජිකයින් සහ අධ්‍යක්ෂවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති නඩුවෙහි වර්තමාන තත්ත්වය පිළිබද ලිඛිත වාර්තාවක් එළැඹෙන නඩු දිනයේ අධිකරණයට ඉදිරිපත් කරන අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභා නිළධාරින්ට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (12) නියෝග කළේ ය. .

ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් එළැඹෙන පෙබරවාරි මස (22) නඩුව යළි කැදවීමට ඊයේ (12) නියෝග කළා ය.

2010 වසරේ දෙසැම්බර් 01 දින සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ එවකට නිතීපතිවරයා ලෙස කටයුතු කළ මොහාන් පිරීස් යන අය සහ නිතීපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලෙස කටයුතු කළ අභියාචනාධිකරණ විනිසුරු ඒඑච්එම්ඩී නවාස් යන අය විසින් සීමාසහිත ලංකා විදුලිබල සමාගමට ඉඩම් මිල දී ගැනීමක් සම්බන්ධයෙන් සිරිපාල ජයලත් සහ රත්නපාල ඩයස් යන කමිටු දෙකක් හරහා කරන පරීක්ෂණ වලට අදාළ වැරදිකරුවන් වූ පුද්ගලයන්ට එරෙහිව නිතීමය ක්‍රියාමාර්ග නො ගැනිම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇති බවට අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කර ඇත.

මෙම නඩුවට අදාළ සාක්කිකරුන් ලෙස පුද්ගයින් විසි දෙනකු නම් කර ඇත.

අමෝදා ජයමහ

නව අදහස දක්වන්න