මත් ජවාරමුන් 2585ක් අත්අඩංගුවට | දිනමිණ

මත් ජවාරමුන් 2585ක් අත්අඩංගුවට

නිමල් රාජපක්ෂ

කළුතර ,මීගමුව ,මිනුවන්ගොඩ ,කැකිරාව ,අනුරාධපුර, තනමල්විල, ගාල්ල හා මාතර යන ප්‍රදේශ වල පසුගිය වසරේ කළ සෝදිසි මෙහෙයුම් වලින් රුපියල් කෝටි හතරක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් 2585 දෙනකු කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය අතර රජයේ අරක්කු ,විදේශීය මත්පැන් ,නීති විරෝධී මත්පැන් හා ගංජා තොගයක් තිබු බව කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ,ප්‍රධාන සුරාබදු පරීක්ෂක පී.එන්.හේමන්ත මහතා පවසයි.

මෙම වැටලිම් වලදී නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර 251 ක්,කසිප්පු ලඟ තබා ගැනීම් 1628 ,බලපත්‍ර නොමැතිව රජයේ අරක්කු විකිණිම් 89,බලපත්‍ර නොමැතිව රට බීම විකිණීම් 258 ,රා සම්බන්ධ වැටලීම් 185 ,ගෝඩා බැරල් 1000 ක්ද ,හම්බේගමුව ප්‍රදේශයෙන් අක්කර දහයක් භූමි ප්‍රමාණයක පවත්වාගෙන ගිය ගංජා හේන් 08 ක් කොටු කර ගැනීමට සුරාබදු නිලධාරීන් සමත්වී ඇත.

2018 වසරේ ජනවාරි 01 වැනි දින සිට 2018 දෙසැම්බර් 31 දක්වා කාලයේ නීති විරෝධී මත්පැන් ,මත්කුඩු සම්බන්ධයේ වැටලීම් 2428 ඉලක්කයක් සපුරා ලිය යුතු බවට සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා නියම කොට ඇතත් කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ග්‍රහණ ඉලක්ක සපුරාලමින් වැටලීම් 2585 ක් සිදු කොට තිබේ.

නව අදහස දක්වන්න