පිහිටක් අවැසි මොහොතක් | දිනමිණ

පිහිටක් අවැසි මොහොතක්

මවුපියන්ට තම දරුවන් තරම් සම්පතක් තවත් නැත.ගුණ නැණෙන් පිරි දරුවන් සමාජයට දායාද කිරීම ඔවුන්ගේ එකම සිහිනයයි.ඒ සඳහා ඕනෑම කැප කිරීමක් කිරීමට ද ඔවුහු සූදානමින් සිටිති.ඒත් කිසියම් හේතුවක් නිසා තම දරුවන් වෙනුවෙන් ගොඩ නැඟුණු බලාපොරොත්තු බිඳ වැටෙන්නේ නම් එවන් ‍ඛේදවාචකයක් මවුපියන්ට තවත් නැත

හෙනරත්ගොඩ, මුදුන්ගොඩ පදිංචි එල් ඒ සුජීවා ශ්‍යාමලි තම එකම දරුවා වෙනුවෙන් මැවූ සිහින බොඳවි උදේ හවා කඳුළු සලමින් සිටින මවකි . ඇයටත්, ඇයගේ සැමියාටත් දියණියක ලැබිමේ ප්‍රීති‍යෙන් දිවි ගෙවන්නට වුයේ ටික කාලයකි.දරුවාට මාස අටක් යනවිටම ඔවුන්ගේ ජීවිතයේ කනගාටුදායකම කාලය ආරම්භ විය. ඒ ගැන සුජීවා විස්තර කළේ මෙසේයි.

"මාස අටක් යනකොට දරුවාට ෆිට් එක හැදුණා.එකපාරටම සිහිය නැතුව ගියා.එදා ඉඳලා දිගටම ගම්පහ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගත්තා.බේරන්න බැහැ කියලයි හිතුවේ ටික කාලයක් යනකම් මැෂින්වලින් තමයි හිටියේ. දරුවා ජීවත් වුණා. ඒත් එයාට ඇවිදින්න බෑ. ස්නායු ආබාධයක්.මොළේ වර්ධනය බාල වුණා. සිහිය අඩුයි. බෙහෙත් වර්ග තුනක් දෙනවා. දැන් එයාට අවුරුදු දහයයි ඒත් තනියම කිසි දෙයක් කරගන්න බෑ කවන්න පොවන්න ඕන.තනියෙන් දාලා කොහේවත් යන්න බෑ මේ හින්දා මම රස්සාවෙනුත් අයින් වුණා. ගොඩක් ඩොක්ටර්ස්ලාට පෙන්නුවා.හොඳ කරන්න බැහැ කියලා තමයි කිව්වේ. ඒත් රාගම රෝහලේ විකලාංග වෛද්‍ය අජිත් ප්‍රියන්ත උක්වත්ත ආරච්චි මහතාට පෙන්නුවාම කිව්වා ශල්‍යකර්මයක් කරලා කකුල සනීප කරන්න පුළුවන් කියලා. ඊට පස්සේ ස්නායු දුර්වලකමත් අඩුවෙයි කියලා කිව්වා. ඒත් ඒකට ලක්ෂ දෙක හමාරක් යනවා. මට ඒ මුදල හොයා ගන්න අමාරුයි. මගේ මහත්තයාටත් රස්සාවක් නෑ කුලී වැඩ කරලා තමයි ජීවත් වෙන්නේ. කවුරු හරි මගේ දරුවාගේ ඔපරේෂන් එක කර ගන්න උදව් කරනවා නම් ලොකු පිනක්.

එතකොට තනියෙන් එයාගේ වැඩ ටිකවත් කරගන්න පුළුවන් වෙයි. මේ ප්‍රශ්නය හින්දා මට ජීවිතෙත් එපා වෙලා.දරුවා දිහා බලනකොට මට වාවන්නේ නැහැ.

සුජීවා තම දියණියගේ කනගාටුදායක තත්ත්වය විස්තර ක‍ළේ එසේයි.

ඔවුනට යම් උදව්වක් කළ හැකි නම් එය මහඟු පුණ්‍යකර්මයකි.

ඇයගේ ගිණුම් අංකය
033200150059754

යක්කල- මහජන බැංකුව
දු .අ 0723570222
0768716057

නව අදහස දක්වන්න