ඩුබායි සිට රැගෙන ආ දුම්වැටි තොගයක් අල්ලයි | දිනමිණ

ඩුබායි සිට රැගෙන ආ දුම්වැටි තොගයක් අල්ලයි

නීතිවිරෝධී ලෙස රුපියල් 1,628,000ක් වටිනා විදේශ දුම්වැටි තොගයක් ඩුබායි සිට මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු  අද (12) කටුනායක ගුවන් තොටුපළේදී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
 
මේ සුම්වැටි තොගය ගෙනා  සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙකි.
 
සැකකරු  ගෙන ආ ගමන්මල්ලේ තිබී රුපියල් 1,628,000ක් වටිනා විදේශ දුම්වැටි 29,600 ක් අඩංගු  දුම්වැටි කාටූන් 148ක්රේගුව නිලධාරින් විසින්  සොයාගෙන ඇත.
 
 කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීවරු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.

නව අදහස දක්වන්න