දරුවන් වැඩි නම් හංගේරියාවේ බදුවලින් නිදහස් | දිනමිණ

දරුවන් වැඩි නම් හංගේරියාවේ බදුවලින් නිදහස්

 
දරුවන් සිව් දෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටින මව්වරුන්  ජීවිත කාලයටම  බදු ගෙවීම්වලින් නිදහස් කිරීමට හංගේරියානු අගමැති වික්ටර් ඕබන් තීරණය කරයි. 
 
අගමැතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත්තේ දරුවන් බිහිකිරීම වැඩි කිරීමට සමාජය උනන්දු කරවීමේ සැලැස්මකට අනුවය.
 
සංක්‍රමිකයන් මත යැපීමෙන් වැලකී හංගේරියාවේ අනාගතය ගොඩනැගීම උදෙසා මෙම තීරණය ගත් බව ඔහු වැඩි දුරටත් පවසයි. සෑම වසරකදීම හංගේරියානු ජනගහනය 32,000කින් පහත වැටෙන අතර, එක් මවකට සිටින ළමුන් ගණන යුරෝපයේ දළ සාමාන්‍යයට වඩා බෙහෙවින් අඩුය.
 
මේ අතර, තරුණ දෙමාපියන්ට හංගේරියානු මුදලින් මිලියන දහයක ණය මුදලක් ලබා දීමට ද රජය තීරණය කර ඇති අතර, තෙවැනි දරුවා බිහි කළ පසු එය නැවත ගෙවීමෙන් නිදහස් කරනු ලබයි. 

නව අදහස දක්වන්න