තායිලන්තයේ රඳවා සිටි පාපන්දු ක්‍රීඩකයා යළි ඕස්ට්‍රේලියාවට | දිනමිණ

තායිලන්තයේ රඳවා සිටි පාපන්දු ක්‍රීඩකයා යළි ඕස්ට්‍රේලියාවට

මාස දෙකක පමණ කාලයක් තායිලන්තයේ රඳවා ගෙන සිටි සරණාගත පාපන්දු ක්‍රීඩකයකු වන හකීම් අල්- අරයිබි ආපසු ඕස්ට්‍රේලියාවේ සිය නිවස වෙත පැමිණියේය‍.
 
බහරේන පුරවැසියකු වන ඔහු පසුගිය නොවැම්බරයේ දී බහරේන බලධාරීන් ගේ ඉල්ලීම මත බැංකොක් හිදී රඳවා ගනු ලැබුවේ මධු සමය ගත කරමින් සිටියදීය. කෙසේ වුවත් ඔහු නිදහස් කරන ලෙස ඕස්ට්‍රේලියාව ඇතුලු ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැඩි බලපෑම හමුවේ අරාබි රාජධානියට සිය අවශ්‍යතාව ඉටු කර ගැනීමට නොහැකි විය. 
 
25 හැවිරිදි හකීම් මෙල්බර්න් ගුවන් තොටුපොලට පැමිණෙද්දී ඔහුව පිළිගැනීමට විශාල පිරිසක් රැස්ව සිටි 
අතර සිය පාපන්දු කණ්ඩායමේ කමිසයෙන් සැරසුණ අල්- අරායිබි පැවසුවේ තමන් වෙනුවෙන් මෙතරම් සහයක් ලබා දුන් ඕස්ට්‍රේලියානුවන් පිළිබඳව තමන් පුදුමයට පත් වන බවයි. 
 
ඔවුන්ට සිය ස්තූතිය පිරිණැමීමට ද ඔහු අමතක නොකළේය. 
 
 
 

නව අදහස දක්වන්න