විමල්ගේ තුම්මුල්ල උද්ඝෝෂණයේ දර්ශන උසාවියට දෙන්න | දිනමිණ

විමල්ගේ තුම්මුල්ල උද්ඝෝෂණයේ දර්ශන උසාවියට දෙන්න

අමෝදා ජයමහ

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු විත්තිකරුවන් හය කට එරෙහිව කුරුඳුවත්ත පොලිසීය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ නඩුවට අදාළ වීඩීයෝ දර්ශන පෙබරවාරි මස 25වෙනි දි අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය කුරුඳුවත්ත පොලීසියට නියෝග කළා ය.

මෙම නඩුව පෙබරවාරි මස 25වෙනි දින විභාගයට ගන්නා බවද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (11) පැවසුවාය.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස විමල් වීරවංශ, ජයන්ත සමරවීර, වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහමඩ් මුසම්මිල් බස්නාහිර පළාත් මන්ත්‍රී රොජර් සෙනවිරත්න ඇතුළු හයක් මෙහි විත්තිකරුවන් ලෙස නම් කර ඇත. විත්තිකරුවෝ ඊයේ (11) අධිකරණය ඉදිරියේ පෙනී සිටියහ.

2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ තුම්මුල්ලේ පිහිටි මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයක් සිදුකර මහජන පීඩාවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා කරමින් මෙම නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනුකර ඇත. 

නව අදහස දක්වන්න