ගමක් බිය වැද්දූ පිඹුරා තබ්බෝව අභය භූමියට | දිනමිණ

ගමක් බිය වැද්දූ පිඹුරා තබ්බෝව අභය භූමියට

වනාතවිල්ලුව සමූහ කේ.ප්‍රියංකර කළුපහන

පුත්තලම වන ජීවි කාර්යාල බල ප්‍රදේශයට අයත් මැල්ලන්කුලම ප්‍රදේශයේ ගමක් බියවද්දමින් සැරිසැරූ දැවැන්ත පිඹුරෙකු පිළිබදව වනජීවි නිලධාරින්ට ගම්වැසියන් විසින් කළ දැනුම් දීමකට අනුව අදාළ පිඹුරා රැගෙන ගොස් තබ්බෝව රක්ෂිතයට මුදාහැරීමට වනජීවි නිලධාරින් කටයුතු සිදුකර තිබිණි.

මෙම යෝධ පිඹුරා ගම්මානයේ නිවසක් ගොදුරු සොයා සැරිසරමින් කුඩා දරුවන් බිය ගැන්වීම හේතුවෙන් ගම්මුන් විසින් අදාළ පිඹුරා පිළිබඳව වන ජීවියට තොරතුරු කියා ඇති බව කියයි.

අඩි දහයට ආසන්න දිගකින් සමන්විත වයස අවුරුදු 10ට ආසන්න බව කියයි. පුත්තලම වන ජීවී පාලන ඒකකයේ ස්ථාන භාර නිලධාරී අඩවි ආරක්ෂක කේ .බී බණ්ඩාර මහතා අතුළු නිලධාරින් පිරිසක් මෙම පිඹුරා අල්ලා ගැනීමට සහභාගි වූහ.

නව අදහස දක්වන්න