තනපට අස්සේ මත් කුඩු | දිනමිණ

තනපට අස්සේ මත් කුඩු

සිය තනපට තුළ සඟවා ගෙන මත්කුඩු ජාවාරමේ නිරතවු 32 වන වියේ පසුවන තරුණ එක්දරු මවක් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.

පුත්තලම පොලිසියේ බුද්ධි විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අනාවරණය කර ගත් තොරතුරු මත පුත්තලම පොලිසියේ දුෂණ විමර්ශන ඒකකයේ නිලධාරින් පුත්තලම මුල්ලිපුරම් ප්‍රදේශයේදී සැකකාරිය අත් අඩංගුවට ගෙන පරීක්ෂා කළ අවස්ථාවේ දි ඇගේ දකුණු තන පට තුළ සඟවා තිබු කුඩා පාර්සලයක් සොයා ගත් අතර එය පරීක්ෂා කළ විට එම පාර්සලයේ තිබී කුඩා මත්කුඩු පැකට් තිස් දෙකක් හමුවු බවත් පොලිසිය කියයි .එහි මිලිග්‍රැම් 2140 ක හෙරොයින් තිබී ඇත.

සැකකාරිය කොළඹ ප්‍රදේශයේ සිට ගෙන එනු ලබන හෙරොයින් මත්කුඩු තොග මුල්ලිපුරම් ප්‍රදේශයේ පිහිටි සිය නිවෙස තුළ දී කුඩා වට පාර්සල් කර සිය තන පට තුළ රඳවා ගෙන තැනින් තැන යමින් මත්කුඩු අලෙවි කර ඇති බවට තොරතුරු ලද බවත් කියයි . මින් එක් මත් කුඩු පැකට්ටුවක් රුපියල් 1200 බැගින් අලෙවි කර ඇති බවත් කියයි .

සැකකාරිය පුත්තලම අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

පුත්තලම පොලිස් අධිකාරි චන්ද්‍රසේන ජයකොඩි මහතාගේ

උපදෙස් අනුව පුත්තලම මුලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුර ගුණවර්ධන මහතාගේ අධීක්ෂණය යටතේ දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ගයාන් පෙරේරා සැරයන් වරුන් වන පත්මකුමාර 47402 සහ දසනායක 31707 කොස්තාපල්වරුන් වන ආනන්ද 34049 අමිත් 60678 බාලසුරිය 13304 වසන්ත 671487 සහ කාන්තා පොලිස් කොස්තාපල් අනුෂා 9962 යන මහතක්ම මහත්මින් වැටලීම සිදු කර තිබුණි .පුත්තලම පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

මුන්නේශ්වරම සමුහ ඊ.සී.ප්‍රනාන්දු සහ වනාතවිල්ලුව සමූහ කේ.ප්‍රියංකර කළුපහන
ජායාරූපය මුන්නේශ්වරම සමුහ

නව අදහස දක්වන්න