ජංගම දුරකතන 22ක් සහ ටැබ් පරිගණකයක් සොරාගත් සැකකරු දැලේ | දිනමිණ

ජංගම දුරකතන 22ක් සහ ටැබ් පරිගණකයක් සොරාගත් සැකකරු දැලේ

දික්වැල්ලේ තිලකරත්න ගාල්ල උතුර සමුහ,දකුණු පළාත් සංචාරක

ගාල්ල නගරයේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක් තුළ පවත්වාගෙන ගිය ජංගම දුරකථන අලෙවි සලකට ඇතුළු වු අයෙක් එහි තිබී රුපියල් තුන් ලක්ෂ අසු දහසක් වටිනා ජංගම දුරකතන 22ක් සහ ටැබ් පරිගණක යන්ත්‍රයක් සොරකම් කරන අයුරු සීසීටී වී කැමරාවක පටිගත වී තිබේ

සී සී ටී වී කැමරාවේ තිබු දර්ශන උපයෝගි කරගෙන ගාල්ල පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් සැකකරු සහ සොරකම් කරන ලද භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබේ.ගාල්ල මාගාල්ල ප්‍රදේශයේ පදිංචි විසි නව හැවිරිදි සැකකරු වසර අටක කාලයක් තිස්සේ කුඩු වලට ඇබ්බැහිවී ඇති පුද්ගලයෙක් බව අනාවරණය කරගෙන තිබේ.

සැකකරු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන 22දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන ගාල්ල මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අරුණ ලාල් මහත් වරුන්ගේ උපදෙස් මත ගාල්ල පොලීසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්ෂක එම්. නිමල් පොලිස් කොස්තාපල්මධුසංක(60658) මහත්වරු විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

 


නව අදහස දක්වන්න