ධර්මපාලතුමාගේ ජන්ම දිනය සමරති | දිනමිණ

ධර්මපාලතුමාගේ ජන්ම දිනය සමරති

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 154 වෙනි ජන්ම දිනය නිමිතිකරගෙන එතුමාගේ ගුණ සැමරීමේ කළුතර දිස්ත්‍රික් ප්‍රධාන උත්සවය කළුතර දිස්ත්‍රික් ලේකම් යූ. ඩී. සී. ජයලාල් මහතා ප්‍රමුඛ එහි බෞද්ධ කටයුතු අංශය සහ පලාතොට සහන සරණ සේවා සංගමය විසින් කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල නව ශ්‍රවනාගාරයේදී පවත්වන ලදී. මහ‍ා සංඝරත්නය ඇතුළු ආරාධිතයන් හා පාසල් සිසු සිසුවියන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති ‍මෙම ගුණ සැමරීමේ ප්‍රධාන දේශනය කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රධාන කථිකාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා විසින් පවත්වනු ලැබිණි.

පලාතොට සහන සරණ සේවා සංගමය විසින් ආබාධිත පුද්ගලයින් සඳහා රෝද පුටු ප්‍රදානය කිරීම සහ පාසල් හා දහම් පාසල් පුස්තකාල සඳහා ශාස්ත්‍රීය ග්‍රන්ථ පිරිනැමීම ද සිදුකරන ලදී.

න‍ගොඩ විශේෂ එන්. විජේරත්න


නව අදහස දක්වන්න