‍ලී කැබැ­ලි­ව­ලින් බිත්ති සැරැ­සි­ල්ලක් | දිනමිණ

‍ලී කැබැ­ලි­ව­ලින් බිත්ති සැරැ­සි­ල්ලක්

අවම වියදමක් දරලා, ඉහළ වටිනාකමකින් යුතු බිත්ති සැරැසිල්ලක් නිවෙසේදී ම හදාගන්න පුළුවන් ක්‍රමයක් ගැනයි මේ කියන්න යන්නේ. බිත්ති සැරැසිල්ල නිවෙසේ තබන්න විතරක් නෙමෙයි, ස්වයං රැකියාවක් විදියට කරගෙන යන්නත්, තෑගි දෙන්නත් සුදුසු වටිනා නිර්මාණයක් කියලා ඔබට පෙනේවි.

මේ සඳහා උපයෝගී කර ගන්න තියෙන්නේ, අඩු වියදමකින් හොයා ගන්න අමුද්‍රව්‍ය කීපයක් විතරයි. අඟලකට පමණ වැඩි ‍සවිමත් අරටු සහිත දැව කොටස් කිහිපයක් මේ සඳහා අත්‍යවශ්‍යයි. ගහක් කැපුවාම එහි කුඩා අතුවලින් මේ කොටස් හොයා ගන්න පුළුවන්. දැන් එම ‍කෝටු කැබැලිවලින් පෙති පෙති ආකාරයට කොටස් කපා වෙන් කරගත යුතුයි. මේවා ඉලිප්සාකාර වුණත්, රවුම් හැඩයට වුණත් කමක් නැහැ. දැන් මේ ‍ලී පෙති කැබැලි, ලෑල්ලක, ඝණකම් කාඩ්බෝඩ් කැබැල්ලක, වීදුරු කැබැල්ලක, තමන් කැමැති නිර්මාණයක් සිතුවම් කරලා, ඒ මත අලවා ගන්න. නැතිනම් ලී කොට කැබැලි, කෝටු වගේ දේ යොදා ගෙන, මල් පොකුරක්, සමනලුන්, කුරුල්ලන් පවා මේ ලී කැබැලි අලවා නිර්මාණය කර ගන්න පුළුවන්. ස්වභාවික වර්ණයෙන් යුතු නිසා, මේ නිර්මාණයට වෙළෙඳ පොළේ ඉහළ ඉල්ලුමක් තිබෙනවා. මෙය ඉහළ මිලකට අලෙවි කරන්නත් පුළුවනි.

දැන් ඔබේ නිර්මාණය වර්ණ ගන්වා ගන්නත් ඔබට හැකියාව තිබෙනවා. තව තව දේ එකතු කරලා, මේ නිර්මාණය නිර්මාණාත්මක කර ගැනීමෙන්, ඔබේ හැකියාවට ඉහළ ප්‍රතිචාර ලැබේවි. මෙය බිත්ති සැරැසිල්ලකට නම් වඩාත් කදිමයි.

 

චින්තා රණසිංහ

 


නව අදහස දක්වන්න