නිහඬ මරුවා පරදවා BETA සමග පියවර තබන්න | දිනමිණ

නිහඬ මරුවා පරදවා BETA සමග පියවර තබන්න

 'දෙපය' දියවැඩියාව නිසා මිනිස් සිරුරේ වැඩි බලපෑමක් ඇතිවන අවයවයි. දියවැඩියා බලපෑම නිසා දෙපාවල ස්නායු ක‍්‍රමයෙන් අඩපණ වී සංවේදන අඩු වී ගොස් නැත්තටම නැති වී යාමට වැඩි ඉඩකඩක් පවතියි. පාදයේ සංවේදීබව නැති වීමෙන් තුවාලයක් ඇතිවී, පැසවා ආසාදනය වීම හා දිනෙන් දින තුවාලය නරක අතට හැරීම රෝගියා නොදැනුවත්වම වුවද සිදුවිය හැක. දියවැඩියා රෝගීන් පාද ගැන විශේෂ අවධානයක් යොමු කළ යුත්තේ එබැවිනි. තදින් ආසාදනයට ලක්වූ දෙපා තුවාල සහිත රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට සිදු වනුයේ ඔවුන්ගේ තුවාල සහිත පාදය කපා ඉවත්කර දමමිනි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව සෑම තත්පර 20 කටම වරක් දියවැඩියාව නිසා පුද්ගලයෙකුගේ පාදයක් අහිමි වීම සිදු වේ. ඒ අනුව දැනට ලංකාවේ දිනකට කෙතරම් පාද අහිමි වනවාද යන්න නිවැරදිව ගණන් බලා නොමැති නමුත් සෑම පැය භාගයකට හෝ විනාඩි 45කට වරක් රෝගියකුට පාදයක් අහිමි වන බව මෙරට වෛද්‍යවරු අනුමාන කරති. මෙරට බොහෝ ශල්‍ය වාට්ටුවලට මෙතෙක් ඇතුළත් කරගෙන ඇති රෝගීන්ගෙන් 50%ක් පමණ දියවැඩියා රෝගය නිසා දෙපාවල යම් යම් ගැටළු මතු වූ රෝගීහු යැයිද මේ වනවිට හඳුනාගෙන ඇත.

සාමාන්‍යයෙන් දියවැඩියාව නිසා පාද අහිමි වූ රෝගියකුගේ ජීවිත කාලය ඉතා කෙටි වන අතර එය පිළිකා රෝගියකුගේ ජීවිත කාලය සමඟ සංසන්දනය කිරීමේ දී ඉතා අඩු අගයක් ගන්නා බව නවතම වෛද්‍ය පර්යේෂණ වාර්තා පෙන්වා දෙයි.

මේ සියල්ල සලකා බැලීමේදී දියවැඩියා රෝගියකු නිවසේ ඇති විට පවුලේ අය සතියකට වතාවක්වත් ඔහුගේ/ඇයගේ යටිපතුල් ඇතුළුව දෙපා හොඳින් පරීක්ෂා කර බැලීම ඉතා වැදගත් වේ. දෙපා රැකගැනීම උදෙසා දියවැඩියා රෝගීන් නිවස තුළදී වුවද පාවහන් පැළඳීම අත්‍යාවශ්‍ය වේ. එම පාවහන් විශේෂ අවධානයකින් යුතුව තෝරා ගත යුතු වන්නේ සම සිර වී කැපීම් ඇතිකරන පාවහන් තෝරාගතහොත් ඉන් රෝගියාට තමාගේ ඉතිරි මුළු ජිවිත කාලයම පාද අහිමිව ජීවත් වීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවන නිසාය.

BETA පාවහන් වෙළෙඳපොළට හඳුන්වාදීමේ මූලික අරමුණ වන්නේ දියවැඩියා රෝගීන් හට ඇවිදීමේදී, දෙපයට සුරක්ෂිත සුවපහසුවක් මෙන්ම චිකිත්සක සහනයක් ලබාදීම අරමුණු කොට ගනිමිනි. ඇදෙනසුළු මෘදු නිමාවකින් යුතුව විශේෂයෙන් සැකසුනු BETA පාවහන් රෝගියාට සමබරව ඇවිදීම පහසු කරන පොළොව තදින් ග‍්‍රහණය කරගන්නා ආරක්ෂිත පතුල් අඩියකින්(Out sole) යුක්තය.

ඇතුලත ස්ථර කීපයකින් සමන්විත BETA පාවහන් හි ඇතුලත පළමු ලේයරය( in sole) වෛද්‍ය උපදෙස් මත රෝගියාගේ දෙපයේ ස්වභාවය පරික්ෂා කරමින් ඒ අනුව වෙනස් කරගත හැකි ආකාරයෙන් නිර්මාණය කොට ඇත. BETA හි ඇති පහතම ලේයරය (outer sole) සහ පළමු ලේයරය (in sole) අතර පිහිටා ඇති මිලිමීටර් 15 ක ලේයරය (mid sole) රෝගියාට විශේෂ සුවපහසුවක් එක්කිරීමේ බලාපොරොත්තුවෙන් එක්කරන ලද්දකි.

 

නව අදහස දක්වන්න