අධ්‍යාපනයට විදෙස්ගත වෙන්නේ පරිස්සමින් | දිනමිණ

අධ්‍යාපනයට විදෙස්ගත වෙන්නේ පරිස්සමින්

උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදෙස් ගතවන්නන්ගේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවී ඇත්තේ පවතින ජාතික අවශ්‍යතාවට සරිලන පරිදි අධ්‍යාපන පහසුකම් පුළුල් නොවීමේ හේතුව නිසායි. මෙනිසාම මෙරටින් පිටතට යන මුදල් ප්‍රමාණය ඉහළ යාමට එයද හේතුවක් බවට පත්වී තිබේ. මෙරට මාපියන්ගේ මුදල් තම දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ආයෝජනය කිරීමේදී ඒ පිළිබඳ විශ්වාසය මෙන්ම එම මුදල් අවභාවිත නොවේය යන විශ්වාසය තහවුරු වේ නම් එය අත්‍යවශ්‍ය කරුණකි.

මේ පිළිබඳව අප විමසා සිටියේ Bright International ආයතන‍ෙය් සභාපති දිලීප කළුගලගේ මහතා සමඟය. Bright International හි කාර්ය පිළිබඳව සැකෙවින් විස්තර කළොත්, අප ආයතනයේ ප්‍රමුඛතම කාර්ය වන්නේ උසස් අධ්‍යාපනය සඳහා විදෙස්ගතවීමට අපේක්ෂා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඊට අවශ්‍ය මඟපෙන්වීම ලබාදෙමින් ඒ සඳහා සුදුසු තත්ත්වයට පත්වීම අවශ්‍ය Ilts වැනි විභාග පහසුවෙන් සමත්වීමට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් මෙන්ම මඟපෙන්වීම් ලබාදෙමින් ඔවුන්ගේ අවශ්‍යතාව සහ සුදුසුකමට මෙන්ම ඔවුන්ගේ ආර්ථික තත්ත්වයට ගැළපෙන ආකාරයේ උසස් අධ්‍යාපන ආයතනයක් වෙත යොමු කිරීමය.

ඔබ පැවසුවා මේ ක්ෂේත්‍රය වංචා කිරීම් නිසා දූෂණයට පත්වී ඇති බව?

මම උසස් අධ්‍යාපන කටයුතු කළේ අමෙරිකා එක්සත් ජනපදයේ. ඒ වකවානුවේ මට වැටහුණු නිසි මඟපෙන්වීම නොමැති නිසා අපේ රටේ මාපියන්ගේ මුදල් නිස්කාරණයේ විනාශ වන බව එසේම ඇතැම් ආයතන ඉතාමත් දූෂිත අන්දමින් විදෙස්ගත වීමට අපේක්ෂා කරන දරුවන්ගේ මෙන්ම මාපියන්ගෙන් මුදල් අයකරමින් ඔවුනට නිසි මඟපෙන්වීමක් ලබානොදෙන බව. උදාහරණ විදිහට ඇතැම් ආයතන මෙලෙස විදෙස් ගතවීමට අවශ්‍ය ශිෂ්‍යයින්ට මුලින්ම උපදෙස් ලබාදීමට පවා මුදල් අය කරනවා. ඉන් අනතුරුව වීසා ලබාගැනීමට මුදල් අයකරනවා.

ඇතැම්විට ඇතැම් රටවල් ඇතැම් විශ්වවිද්‍යාල අපේක්ෂා කරන සුදුසුකම් සනාථ කළ නොහැකි වූවිට මෙන්ම ඇතැම් අවස්ථාවල මෙසේ විදෙස් ගතවීමට සිහින දකින දරුවන් බොරු සහතික, ව්‍යාජ සුදුසුකම් සකසමින් ඉදිරිපත් කරනවා. එවැනි අවස්ථාවල වීසා නොලැබී ප්‍රතික්ෂේප වෙනවා. එවිට නැවත අයදුම් කිරීම සඳහා මුදල් වැය වෙනවා. මෙවැනි තත්ත්ව මඟහැරවීම සඳහා අප මුලින්ම දරුවන්ට මෙන්ම මාපියන්ට උපදෙස් ලබාදෙනවා. සැබවින්ම මට වුවමනා වුණේ මේ ක්ෂේත්‍රය සඳහා හොඳට සේවයක් සලසන ආයතනයක් ගොඩනැගීමටය. Bright International ආයතනය දීප ව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක වෙන බව පැවසුවා.

අප ආයතනයේ නියෝජිතයින් දිස්ත්‍රික්ක මට්ටමින් කටයුතු කරනවා. ඔවුන් හරහා අපගේ ආයතනය වෙත සම්බන්ධ විය හැකිය. මෙපමණක් නොවේ. අපගේ දරුවන් වැඩි වශයෙන් අධ්‍යාපනය සඳහා පිටත්වන ඕස්ට්‍රේලියා, කැනඩාව, ජපානය, සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දියාව, තායිලන්තය, එංගලන්තය, අමෙරිකාව වැනි ලෝකයේ සෑම රටකම අපගේ නියෝජිතයෝ සිටිනවා. ඒ රටවල් වෙත ළමයින් පිටත් කළ පසු ඒ අදාළ රටේ කටයුතු කරන නියෝජිතයා හරහා ඔවුන්ගේ කටයුතු පිළිබඳව අපි නිරන්තරව විමසිලිමත් වෙනවා. ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව විදෙස්ගත කිරීමෙන් පසු අපගේ ආයතනය සමඟ පවතින සබඳතාව නිමා වන්නේ නෑ. අප ඔවුන් අධ්‍යාපනය ලබා අවසන් වනතුරු ඔවුන් සමඟ සම්බන්ධ වෙනවා.

ව්‍යාපාරයක් ලෙස මෙවැනි කටයුතු ප්‍රායෝගිකව සිදුකළ හැකිද?

මේ ක්ෂේත්‍රය ඉතාමත් හොඳ සේවාවක්. නමුත් අපේ රටේ මෙය සේවාවක් විදිහට පාරිභෝගිකයාට සාධාරණ අයුරින් ඉටුනොවන නිසා දුර්වලකම් බහුලයි. මේ පිළිබඳව හඳුනාගෙන ඉන්දියාව චීනය වැනි රටක ව්‍යාපාරිකයෝ මේ ක්ෂේත්‍රයට ආයෝජනය කළොත් ඔවුන් ඒ සඳහා හොඳ සේවාවක් ලබාදීම ආරම්භ කළහොත් දැනට පවතින සියලු ආයතන වැසී යාවි. මගේ අරමුණ මේ ක්ෂේත්‍රය හොඳ ආචාරධර්ම පද්ධතියක් ඇති උසස් සේවාවක් සපයන නිවැරැදි මඟ පෙන්වීමත් යොමු කිරීමත් අධීක්ෂණයත් සහිතව ක්‍රියාවට නැංවීමය.

ඔබ ආයතනයෙන් ILTS, Tofall මෙන්ම ඉංග්‍රීසි දැනුම වැඩි කර ගැනීමට විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වන බව පැවසුවා. මෙම විභාග සමත්වීම සඳහා අපි විශේෂ පාඨමාලාවක් පවත්වනවා. ඒ ඒ ශිෂ්‍යයන් මට්ටමට අනුව ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමට අවශ්‍ය අයුරින් පාඨමාලාවන්ට සහභාගිවීමේ අවස්ථාව ලබාදී තිබෙනවා. ඒ අනුව ඔවුන්ට අවශ්‍ය මට්ටමින් සමත්වීම සඳහා අවශ්‍ය මඟපෙන්වීම අප ආයතනය වෙතින් ලබාදෙනවා.

විදෙස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂිත දරුවන්ට ඔබ දෙන උපදෙස් කුමක්ද? විදෙස් අධ්‍යාපනය ලැබීමට අපේක්ෂා කරනවා නම් එය ඉතාමත් හොඳ දෙයක් නමුත් තමන්ගේ හැකියාවන්ට තමන්ට වියදම් කළ හැකි මට්ටම අනුව ගැළපෙන පාඨමාලාවන්ට යොමු විය යුතුය. නිතරම ඒ සඳහා වීසා ලබාගැනීම මෙන්ම අදාළ උසස් අධ්‍යාපන ආයතන වෙත ඉදිරිපත් කරන සහතික ආදිය නිවැරැදි ඒවා බවට සහතිකවීමේ හැකියාව පැවතිය යුතුය.

වංචනික කටයුතු කිරීමෙන් මුදල් නාස්තිවීම මෙන්ම තමන්ට විදෙස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාවද අහිමි විය හැකියි. මාපියන්ට පැවසිය යුත්තේ තම දරුවන්ව විදෙස් අධ්‍යාපනයට යොමුකිරීමට අපේක්ෂා කරනවානම් ඒ සඳහා විශ්වාසවන්ත ආයතනයක් තෝරා ගන්නා ලෙසයි. එසේම දරුවන් විදෙස් රටක තනිව අධ්‍යාපන කටයුතු කරගැනීම සඳහා අවශ්‍ය කුසලතා මෙරටදීම ලබාදීම ඉතාමත් වැදගත්. නැතිව තමන්ගේ පෞද්ගලික කටයුතු කරගැනීමට හුරුපුරුදු කරවීම, තනිව තීරණ ගැනීමට පුරුදු කිරීම, අවස්ථාවන්ට මුහුණදීමට අවශ්‍ය පෞරුෂය ගොඩනැගීම වැනි දේවල් ඉතාමත් වැදගත්. එසේ නොමැතිව මෝස්තරයට මෙන් දරුවන් විදෙස්ගත කිරීමෙන් මුදල් කාලය මෙන්ම ඇතැම් දරුවන්ගේ ජීවිත පවා නාස්ති වෙනවා.

සටහන
බුද්ධිකා බ්‍රාහ්මණගේ


නව අදහස දක්වන්න