LCB 7වැනි ශාඛාව කරාපිටියේදී | දිනමිණ

LCB 7වැනි ශාඛාව කරාපිටියේදී

දකුණු පළාතින් බිහිවූ ප්‍රථම මූල්‍ය සමාගම LCB සිය හත්වන ශාඛාව කරාපිටියේදී විවෘත කෙරේ.කෙටි කාලයක් කල පාරිභෝගික විශ්වාසය උපරිමය දිනාගනිමින් සිය ව්‍යාපාර ජාලය මනා ලෙස පවත්වාගෙන යනු ලබන LCB ආයතනය පසු ගියදා සිය 7 වන ශාඛාව ගාල්ල කරපිටියේදී උත්කර්ෂවත් ලෙස විවෘත කරන ලදි.

ගණුදෙනු කරුවන්,දේශපාලඥයන් ,ව්‍යාපාරිකයන්, LCB අධ්‍යක්ෂක මණ්ඩලය හා විශේෂිත ආරාධිතයන් රැසකගේ සහභාගිත්වයෙන් පැවති විවෘත කිරීමේ උත්සවය අති සාර්ථකව පැවති බව එහි ප්‍රධාන විධායක නිලධාරි K.Gලීලා නන්ද මහතා කියා සිටි.

ඉතාමත් කෙටි කාලයක් තම ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමට ලැබීම ඔවුන් ලද භාගයක් බව පැවසූ ලිලා නන්ද මහතා LCB හි උසස් කාර්යක්‍ෂමතාවය නිසා නව ශාඛාවන් ඇරඹීමට ශ්‍රී ලංකා මහබැංකුව අවසර දී ඇති බවත් ඒ අනුව මීලඟ ශාඛාව නුදුරේදීම මීගමු පුරවරයේ ඇරඹෙන බවද පවසන ලදී.

නව අදහස දක්වන්න