බිලියන 1.92ක ගනුදෙනු | දිනමිණ

බිලියන 1.92ක ගනුදෙනු

සතිය අවසානයේදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 5,964.14ලෙස සටහන් විය. මෙය ප්‍රසතිශතයක් ලෙස ගත් කළ 0.29%අඩු වීමකි.කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගම් අතුරින් විශාලත්වය, ද්‍රවශීලතාවය සහ මුල්‍ය මය හැකියාවන් පදනම් කරගත් කොටස් 20ක් අන්තර්ගත වන S&P SL 20 මිල දර්ශක අගය පසුගිය සතියේ ඒකක 3,058.07ලෙස සටහන් විය. මෙය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 0.46% අඩු වීමකි.

සතියෙහි වෙළෙඳපොළ ගනුදෙනු ඇසුරින් සටහන් වූ පිරිවැටුමරුපියල් බිලියන 1.92 ලෙස සටහන් විය.

සතියෙහි සටහන් වූ විදේශ ආයෝජන සලකා බැලු විට විදේශ විකිණීම් රුපියල් බිලියන 1.16 ලෙස සටහන් විය. විදේශ මිලදි ගැනීම් රුපියල් බිලියන 0.26 ලෙස සටහන් විය.

සතියෙහි මිල ගණන්වල ඉහළම වර්ධනයක් සටහන් කල කොටස් වූයේ 1)Asia Asset Finance 2) Blue Diamonds Jewellery 3) Chemanex4) Serendib Hotels නිෂ්ඡන්ද කොටස් 5) Singer Industries

සතියෙහි මිල ගණන්වල පහළම වර්ධනයක් සටහන් කල කොටස් වූයේ1) The Finance Company නිෂ්ඡන්ද කොටස් 2) Office Equipment 3) Tess Agro 4) Nation Lanka Finance 5) The Finance Company සාමාන්‍ය කොටස්

නව අදහස දක්වන්න