Colombo Fashion Week හි මීළඟ අදියර | දිනමිණ

Colombo Fashion Week හි මීළඟ අදියර

විලාසිතා නිර්මාණ ක්‍ෂෙත්‍රය සංවර්ධනයේ දෙවන පරිච්ඡේදය ඇරඹෙයි හිල්ටන්, ෂැන්ග්‍රිලා සහ ගාලු මුවදොර හෝටල් සත්කාරක දායකත්වය සපයයි.

ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ ක්‍ෂෙත්‍රය සුවිසල් වෙනසකට ලක් කරමින් 2003 වසරේ දී ආරම්භ කරන ලද Colombo Fashion Week ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ ක්‍ෂෙත්‍රයේ ඊළඟ අදියර වෙත ගෙන යාමට අවශ්‍ය පුළුල් සැළසුමක් සහිතව එහි 16 වැනි වසරට එළඹ ඇත. බහුවිධ ප්‍රවේශයක් සහිතව සිදුකරනු ලබන ඒ තුළින් නිර්මාණකරුවන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය, “Look and Book” වැනි වැඩසටහන් තුළින් නිර්මාණකරුවන්ගේ වෙළෙඳපොළ නිර්මාණය කිරීම, ශ්‍රී ලාංකිකයංගේ විලාසිතා නිර්මාණ ප්‍රදර්ශනය සහ ඒවා ඇගයීම හා චිත්‍රපට සහ කොළඹ පදනම් කරගත් ප්‍රදර්ශන වැනි දේ තුළින් ශ්‍රී ලාංකේය නිර්මාණකරුවන් නගා සිටුවීම අරමුණු කොට ගෙන ඇත.

12 වැනි වරටත් Colombo Fashion Week සමඟ එක්ව ඇති HSBC මෙහි ප්‍රධාන හවුල්කරු මෙන්ම අනුග්‍රාහක ලෙස කටයුතු කරනු ලබන අතර ශ්‍රී ලංකාවේ විලාසිතා නිර්මාණ ක්‍ෂෙත්‍රයේ සංවර්ධනය සහ උන්නතිය සඳහා වන Colombo Fashion Week හි දැක්ම පිළිබඳ ඔවුන් සිය ප්‍රසාදය පළකර සිටියි.

මේ අවස්ථාවට එක් වූ HSBC හි ශ්‍රී ලංකාවේ හා මාල දිවයිනේ ප්‍රධාන විධායක නිළධාරී මාර්ක් ප්‍රොතෙරෝ මහතා, - ‘‘අඛණ්ඩව 12 වැනි වරටත් Colombo Fashion Week හි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස විලාසිතා පමණක් නොව කලාව, ආහාර, ඉතිහාසය යනාදිය මඟින් කොළඹ නගරය ලෝකයේ ප්‍රමුඛ නගරයක් බවට පත් කිරීම වෙනුවෙන් එක්වීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටට පත් වෙනවා.

ශ්‍රී ලංකාවේ අවුරුදු 126කට අධික ඉතිහාසයකට හිමිකම් කියන ප්‍රමුඛතම ජාත්‍යන්තර බැංකුවක් ලෙස අප අවස්ථාවන් නිර්මාණය, වර්ධනය සහ මෙවන් වැඩසටහන් හරහා ශ්‍රී ලංකාව සංවර්ධනය වෙත ගෙන යාමට අවශ්‍ය දායකත්වය ලබා දෙනවා. මෙම වැඩසටහන අපගේ පාරිභෝගිකයන්ගේ අපේක්‍ෂාවන් ඉහළ නංවන සුවිසල් වැඩසටහනක් බව සඳහන් කළ හැකියි.’’යනුවෙන් පැවසීය.

කොළඹ නගරය විලාසිතා නිර්මාණකරණයේ සුවිශේෂී නැවතුම්පොළක් බවට පත් කිරීම වෙනුවෙන් සුවිශේෂී හෝටල් 3ක දායකත්වය ලැබීමද විශේෂත්වයකි. එහි දී පෙබරවාරි 28 වන දින ගෝල්ෆේස් හෝටලයේදීද, මාර්තු 1 වන දින ෂැංග්‍රිලා හෝටලයේදීද, මාර්තු 2 වන දින කොළඹ හිල්ටන් හෝටලයේදීද මෙම විලාසිතා ප්‍රදර්ශනයන් පැවැත්වෙනු ඇත. මේ ආකාරයේ ප්‍රධානතම හෝටල් 3ක් සමඟ එක්ව මෙවන් විලාසිතා ප්‍රදර්ශනයක් සිදු වන්නේ ප්‍රථම වතාවට වීමද එහි සුවිශේෂීත්වයට තවත් හේතුවක් වනු ඇත.

මෙම ප්‍රදර්ශනය සඳහා වන සහයෝගීතාවයේ දී හිල්ටන් හෝටලය මූලිකත්වය ගෙන කටයුතු කළ අතර ෂැංග්‍රිලා සහ ගෝල්ෆේස් හෝටල් ද කොළඹ දී ප්‍රදර්ශනය වෙනුවෙන් එය ඉතා ඉහළින් පිළිගන්නා ලදී. මෙම හෝටල් 3ම නියෝජනය කරමින් එහි සාමාන්‍යාධිකාරීවරුන් මෙම අවස්ථාව සඳහා සහාය දක්වමින් ඒ සඳහා වන සිය අදහස් ද ඉදිරිපත් කරන ලදී.

මෙහි දී අදහස් දැක්වූ කොළඹ හිල්ටන් හෝටලයේ සාමාන්‍යාධිකාරී මනේෂ් ප්‍රනාන්දු මහතා ‘‘වසර පුරාම අපි සියලු දෙනාටම ප්‍රතිලාභ සැළසෙන මෙම සබැඳියාව ඉතාමත් විශිෂ්ටයි. ලෝකය තුළ ශ්‍රී ලංකාව සංචාරක නැවතුම්පොළක් බවට පත්වී ඇත්තේ හිරු එළිය, මුහුද, සංස්කෘතිය සහ විනෝදාස්වාදය නිසා පමණක් නොවෙයි. විලාසිතාත් දැන් එයට හේතුවක්. මේ කාලයේ දී අපගේ හෝටල් ත්‍රිත්වයේම උත්සාහය වී ඇත්තේ ශ්‍රී ලංකාව විලාසිතාවේ සංචාරක නැවතුම්පොලක් බවට ප්‍රවර්ධනය කිරීමයි.’’

කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ උප සභාපති සහ සාමාන්‍යාධිකාරී තිමති රයිට් මහතා, ‘‘ විලාසිතා කර්මාන්තයේ දියුණුවක් දකින මේ මොහොතේ Colombo Fashion Week සමඟ එක් වන්නට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටට පත් වෙනවා. හවුල්කාර ආයතන සබඳතාව මත ලෝකය පුරා විහිදුණු කලා හා විලාසිතාවන්හි ගමනාන්තයක් බවට කොළඹ නගරය පත් කිරීමට Colombo Fashion Week කදිම වේදිකාවක් ලෙස සැළකිය හැකියි. ’’

 

නව අදහස දක්වන්න