අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක් | දිනමිණ

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනයක්

ඉන්ධන මිල සංශෝධනය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව අද (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය සදහන් කරයි. 
 
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු. 6කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රු:4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු:08 කින් ඉහළ දමා තිබේ. 
 
ඒ අනුව නවතම මිල ගණන් අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.129ක් සහ ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු.152ක් වේ.
 
ඩිසල් ලීටරයක නවතම මිල වන්නේ රු. 103ක් ලෙසය. එසේම සුපිරි ඩිසල් ලීටරයක මිල රු. 126ක් ලෙස ඉහළ යනු ඇත.
 
පවත්නා ජාත්‍යන්තර මිල අනුව ඩිසල් ලීටරයක මිල රු. 9.59කින් වැඩි කළ යුතුව තිබුනත් ආණ්ඩුව විසින් මහජනතාවට සහ ප්‍රවාහන කේෂ්ත්‍රයට බලපෑමක් ඇති නොවන පරිදි ඩිසල් ලීටරයක් රු. 4කින් පමණක් ඉහල දැමීමට තීරණය කළ බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනු ලැබේ. 
 
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් මුල් වරට හඳුන්වා දෙනු ලැබුවේ 2018 මැයි මාසයේ දී ය. 

නව අදහස දක්වන්න